ධනවත්කම? | Life of Warren Buffett






විද්‍යුත් තැපැල් පතක් ඇසුරිනි ...

හැකිනම් සොයන්න | Can You Solve

 
ප්‍රශ්නාර්ථ ලකුණ ඇති ස්ථානයට ගැලපෙන අගය සොයන්න 

තුන්වැනි ඇස | The Third Eye

ලොබ්සැංග් රම්පා පිළිබඳ කතාව ආත්ම කිහිපයක පුරාවෘත්තයකි. එහි පළමු වන ආත්මය සියවස්‌ ගණනාවක්‌ පැරණි නමුත් අවසන් ආත්මය කෙළවර වන්නේ මෙයට වසර 32 කට පෙර, එනම් 1981 ජනවාරි 25 වැනිදා ය. ලොබ්සැංග් රම්පා යන නම එයට අදාළ පොත්පත්වල සහ වෙබ් අඩවිවල සඳහන් වන්නේ Tuesday Lobsang Rampa යනුවෙනි. හේ පළමු ආත්මයේ තිබ්බතයේ උපත ලබා මහායාන භික්‍ෂුවක ලෙස භාවනානුයෝගීව ප්‍රාතිහාර්ය පාමින් ජීවත් වෙයි. ඒ මෙයට අවුරුදු 400 කට පමණ පෙරය. ඉන්පසු අපවත් වන ඒ ලාමා තවත් තුන්වරක්‌ පමණ උපත ලබා 1910 අප්‍රේල් 10 වැනිදා බ්‍රිතාන්‍ය පවුලක පිරිමි දරුවකු ලෙස යළි උපදී. ඒ ඩෙවන් ප්‍රදේශයේ ප්ලිම්ප්ටන් පළාතේදී ය. ඔහුගේ අවසන් ආත්මයේ නම සිරිල් හෙන්රි හොස්‌කින් ය. (අවසන් ආත්මය යයි කීමෙන් ඔහු නිවන් මගට පිළිපන්නේය යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ නැත.)

ලොබ්සැංග් රම්පා ගැන ලෝක වාසීන් මුල්වරට දැන ගන්නේ 1956 දී ය. ඒ වසරේදී ඔහු විසින් ලියන ලද තුන්වන ඇස (The Third Eye) නමැති කෘතිය මුද්‍රණයෙන් නිකුත් වී ඉතාම ප්‍රසිද්ධ විය. එම පොතින් හෙළි වන්නේ පෙර ආත්මයේදී තිබ්බතගේ තාපසාරාමයක ඔහු ගත කළ ජීවිතයයි. ඔහු තාපසාරාමයට යන්නේ වයස අවුරුදු හතේදී ය. එහිදී ට්‍රිපයිනය (Trephine) නමැති සැත් පිහියකින් ඔහුගේ නලල හාරා සැත්කමක්‌ කර තුන්වැනි ඇස පාදනු ලැබේ. ට්‍රිෆයිනිං නමැති ශල්‍යකර්මය ලෝකයේ මූලාරම්භක ශල්‍යකර්මවලින් එකක්‌ බවට ඓතිහාසික සාක්‍ෂි තිබේ. ප්‍රංශයේ ඇති ක්‍රිස්‌තු පූර්ව 6500 ට අයත් හෙවත් මෙයට වසර 8500 කටත් වඩා පැරණි සුසාන භූමියක තිබී මේ සැත්කම කළ හිස්‌කබල් 40 ක්‌ හමුවිය. හිස්‌කබල තුළ හටගන්නා ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා එහි ඇති Duna Mater කොටස හෙවත් මොළයේ වැස්‌ම පාදා ගැනීම සඳහා හිස්‌කබලේ විවරයක්‌ පාදා ගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය විය. විෂබීජ නිසා මොළය ආසාදනය වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා ට්‍රිෆයින් සැත්කම අතීකයේදී අවදානම් විය. මොළයේ වැස්‌ම හෙවත් මේ පටලය තුළ විටින් විට රුධිරය එකතු වෙයි. පුරාණ වෛද්‍යවරු මේ බව අනුමාන කර ට්‍රිෆයිනයෙන් හිස්‌ කබල හාරා එම රුධිරය ඉවත් කළහ. මේ සැත්කම වැරදි සහගත ලෙස සිදු වූ විට ඒ මගින් මොළය තුළ හටගන්නා ස්‌නායු තෙරපීම් හෝ සෛල තෙරපීම් නිසා රෝගීන්ට මනෝවිකාර පෙනුන අවස්‌ථාද විය. පුරාණ ලෝකය විසින් මේ මනෝවිකාර හඳුන්වන ලද්දේ දෙවියන් පෙනීම හෝ දේවත්වයට අදාළ දර්ශන පෙනීම ලෙසය. අද මේ සැත්කම අවිද්‍යාත්මක සැත්කමක්‌ ලෙස සලකා බැහැර කරනු ලැබේ.

කෙසේ වුවද ලොබ්සැංග් රම්පාගේ පෙර භවයේදී ට්‍රිෆයිනිං සැත්කම කර ඇත්තේ හිසේ රෝගයක්‌ සුව කිරීමට නොව තුන්වැනි ඇස පාදා ගැනීම සඳහාම ය. සිදුර සාදන ලද්දේ ඔහුගේ නළල් තලය මතය. පෙර භවයේදී හත් අවුරුදු දරුවකු ලෙස තමා විඳි අත්දැකීම සිරිල් හෙන්රි හොස්‌කින් හෙවත් ලොබ්සැංග් රම්පා සිය පොතේ විස්‌තර කරන්නේ මෙසේය.
“ගින්නෙන් රත් කර ශාක සාරවල ඔබන ලද සියුම් ලී උලක්‌ මගේ නළල මත තබා තද කරන ලදී. නාසය නලලට එකතු වන තැන දැරිය නොහැකි තරම් වේදනාවක්‌ හටගත් අතර එය ක්‍ෂණයකින් පහව ගොස්‌ මීට කලින් අත් නොවිඳි සුගන්ධයන් රාශියක්‌ මා අවට ඇති බව මට දැනිණ. ඉන්පසු ඉතා තියුණු ආලෝකයක්‌ මගේ දැස්‌ නිලංකාර කරමින් දැල්වී නිවී ගියේය. ඒ සමගම දඟරාකාර වර්ණාවලියක්‌ හටගෙන නැති විය. එවිට, මිංග්යාර් ඩොන්ඩප් ලාමාවරයා මගේ කනට කොඳුරා මෙසේ කීයá ලොබ්සැංග්, මින් පසු ඔබ අපේ කෙනෙක්‌. මිනිසුන් කරන්නේ රඟපෑමක්‌ බවත් ඔවුන්ගේ සැබෑ ස්‌වරූපය වෙනස්‌ බවත් මෙතැන් පටන් ඔබට පෙනෙන්නට පටන් ගන්නවා ඇති.

තුන්වැනි ඇස කෘතිය ගලාගෙන යන අතර ලොබ්සැංග් රම්පා යෙටී නමැති හිම මිනිසුන් වර්ගය හමුවන ආකාරයත් ඔහුගේම තවත් භවයක මමිකරණය කළ සිරුර ඔහුට දැගන්නට ලැබෙන ආකාරයක්‌ සඳහන් ය.
තුන්වැනි ඇස ග්‍රන්ථයේ අත් පිටපත බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ප්‍රකාශකයන් කිහිප දෙනකු වෙත ගෙනයනු ලදුව ප්‍රතික්‍ෂේප විය. පසුව Sacker and Warburg නමැති ප්‍රකාශන සමාගම පවුම් 800 ක අත්තිකාරමක්‌ ගෙවා එය මිලට ගත්තේය. ඒ වන විට මේ ග්‍රන්ථයේ ලේඛකයාගේ නම ලෙස එහි ලේඛක සිරිල් හෙන්රි හොස්‌කින් යොදා තිබුණේ ආචාර්ය කාර්ල් තුවෝන් සුවෝ යන අන්වර්ථ නාමයයි. එහෙත් එහි ප්‍රධාන චරිතය ලොබ්සැංග් රම්පා නමින්ම ග්‍රන්ථය තුළ තිබිණි. ග්‍රන්ථයේ ලේඛකයාගේ නම විය යුත්තේ ද ලොබ්සැංග් රම්පා යන්නට බව ප්‍රකාශක Warburg විසින් සිරිල් හෙන්රි හොස්‌කින්ට යෝජනා කරන ලදී. 1956 දී මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මේ පොත ඉතා සුළු කලක්‌ තුළ ලෝකයේ විශාලතම අලෙවියක්‌ ඇති පොතක්‌ බවට පත් විය. මේ අතර පොතට විරුද්ධව ද ව්‍යාපාරයක්‌ හට ගත්තේය. ලේඛක සිරිල් හොස්‌කින්ට දාර්ශනික පසුබිමක්‌ නැති බවත් ඔහු වෘත්තීය පතල්කරුවකු බවත් රහස්‌ පරීක්‍ෂකයෙක්‌ විසින් හෙළි කරගනු ලැබීය. ලොබ්සැංග් රම්පා ඒ සියල්ල පිළිගත් අතර මේ භවයේදී තමා තුළ සිටින ආත්මයේ නියම නම ලොබ්සැංග් රම්පා බව කීවේය. ඉන්පසු ඔහු උසාවියට දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කර එම නම නීත්‍යනුකූල කර ගත්තේය.
සිරිල් හෙන්රි හොස්‌කින් යනු කිසි කලෙකත් තිබ්බතයට ගිය කෙනෙක්‌ නොවීය. එහෙත් තුන්වැනි ඇස, තිබ්බතය පිළිබඳව සියයට සියයක්‌ම නිවැරැදි තොරතුරු ඇතුළත් පොතක්‌ බව තිබ්බතය සහ මහායාන බුදුදහම විශ්වවිද්‍යාලවල විෂයක්‌ ලෙස උගන්වන Donald S Lopez (ඔහු ඇමරිකාවේ මිචිගන් සරසවියේ මහාචාර්යවරයෙකි.) කියයි. ලොබ්සැංග් රම්පා යන නම ඉවත් කර තෙවන ඇස පොත බුදුදහම හදාරන නව ශිෂ්‍ය පිරිසට දුන් විට ඔවුන් එයට වශීකෘත වූ බවත් එතැන් සිට එළැඹි සති හය තුළ ඔවුන් වෙනත් කිසිදු දේශනයකට සහභාගි නොවී එම පොත පිළිබඳ සාකච්ඡා කරමින් තිබ්බත බුදුදහම පිළිබඳව තවදුරටත් සෙවූ බවත් ඔහු කියයි.

සිරිල් හෙන්රි හොස්‌කින් යන බ්‍රිතාන්‍ය ජාතිකයා ලොබ්සැංග් රම්පා නමැති තිබ්බතියා බවට පත් වන්නේ කෙසේද? තරුණ වියේ සිටියදී බකමූණකුගේ පින්තූරයක්‌ ගැනීමට ගසකට නැගුණු විට එයින් වැටී සිහිසුන් වීමෙන් පසුය. එසේ සිහිසුන්ව සිටියදී තමා වෙත පැමිණි බෞද්ධ භික්‍ෂුවක්‌ උන්වහන්සේගේ අන්තරාභවය පදිංචි කරවීම සඳහා තම සිරුර ඉල්ලූ බවත් තමාද ජීවිතය කෙරෙහි කලකිරී සිටි නිසා සිරුර දීමට කැමැති වූ බවත් සඳහන් කරයි. එතැන් සිට තමා හොස්‌කින් නොව ලොබ්සැංග් රම්පා බවට පත් වූයේ යෑයි ඔහු කියයි. ශතවර්ෂ කිහිපයක්‌ තිස්‌සේ රම්පා භික්‌ෂුව පුනර් භවයන් කිහිපයක්‌ ලැබ හොස්‌කින්ගේ සිරුරට ඇතුළු වන්නට ඉඩ ඇති බව ගුප්ත විද්‍යාඥයෝ කල්පනා කරති. මෙය හඳුන්වන්නේ Transmigration of the Soul ලෙසය. “මෙය ආත්මවාදයකට වඩා ළංවන්නේ මනෝකාය හෙවත් මනුස්‌මෘතිය නමැති සිතුවිලි පරම්පරාවටය. කෙනකු මළ විට ඔහුගේ සිතුවිලි පරම්පරාව සුදුසු දරු කලලයකට (මාතෘ ගර්භාෂයක ඇති) අවතීර්ණ වෙයි. මේ සිතුවිලි පරම්පරාව භවයෙන් භවයට යන්නේ ‘ආසාව’ මත පදනම්ව ය.

හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ තුමාගේ පරම විඥානාර්ථ සර්ව ආගමික සංගමයේ මතවාදයට අනුව ‘තුන්වන ඇස්‌ යන සංකල්පය ජීව විද්‍යාත්මකය. ඔවුන්ගේ අර්ථකථනයට අනුව පුරාණ කාලයේදී මිනිසුන්ගේ හිස පිටුපස ඇසක්‌ තිබිණි. ජීව විද්‍යාත්මක මෙන්ම ගුප්ත විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක්‌ද එයට තිබිණි. කාලයාගේ ඇවෑමෙන් මිනිසා පරිනාමය වන විට එම ඇස මොළය මධ්‍යයට කි¹ බැස්‌සේය. අද මේ ඇස Pineal Gland යනුවෙන් අපගේ මස්‌තිෂ්කය තුළ තිබේ. මෙය මිලිමීටර් 5 සිට 8 දක්‌වා ප්‍රමාණයෙන් යුක්‌ත ය. රතු සහ අලු පැහැයෙන් සමන්විත ය. කේතුවක හැඩය ගන්නේය. කොඳු ඇට සහිත සත්ත්වයන්ට පිහිටන මෙය ශරීරයේ ආම්ලික තත්ත්වය පාලනය කරන රසායනික ද්‍රව්‍යයක්‌ නිකුත් කරන අතර නිදාව පාලනය කරන බවද සොයාගෙන තිබේ. මිනිසකු මිය යන විටද, මරණාසන්න වන නමුත් නොමැරෙන මොහොතකදී ද පිනියල් ග්‍රන්ථිය මගින් DMT නමැති රසායනික ද්‍රව්‍යයක්‌ විශාල ලෙස නිෂ්පාදනය කර ශරීරයට මුදාහරී.
මේ ග්‍රන්ථිය නිදාව පාලනය කරන්නේ නම් එහි තේරුම එය ස්‌ථිර වශයෙන්ම ස්‌නායු පද්ධතියට බලපෑමක්‌ කරන බව ය. මෝහනය යනු අර්ධ නිදා තත්ත්වයකි. මෝහනය මගින් පෙර භවය දක්‌වා මනුෂ්‍ය සිතුවිලි රැගෙන ගිය හැකි බවට විශ්වාසයක්‌ පවතී. තුන්වැනි ඇස මගින් අතීතය දැකිය හැකිය යනුවෙන් මතයක්‌ තිබෙන අතර එතැනදී පිනියල් ග්‍රන්ථිය සහ තුන්වැනි ඇස අතර සම්බන්ධයක්‌ ගොඩනැගිය හැකිය.
ලොබ්සැංග් රම්පා මෙයට ශත වර්ෂ කිහිපයකට පෙර තිබ්බතයේ ඉපිද සිටි සමයේදී තෙවන ඇස පාදා ගැනීමෙන් පසු එවකට සිටි දලයි ලාමා තුමාගේ වාස භවනයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇත. දලයි ලාමාතුමා හමුවීමට එන පුද්ගලයන්ගේ අභ්‍යන්තර ස්‌වරූපය හඳුනාගෙන එතුමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම ඔහුට භාරවී තිබූ බව කියනු ලැබේ. රම්පාගේ අවසාන පුනර්භවයට පෙර භවයේදී එවකට සිටි දලයි ලාමා (1878) හමුවීමට ද හැකි වූ බව ඔහු කියයි.

මතභේදයට තුඩු දෙන චරිතයක්‌ වන නමුදු ලොබ්සැංග් රම්පා යනු අත්හැර දැමිය හැකි චරිතයක්‌ නොවේ. ඔහුගේ පොත්වල එන බොහෝ දේ ඔහු කිසි කලෙකත් පය නොතැබූ තිබ්බතීය ඉතිහාසය සමග එකඟය. රම්පාගේ තුන් වැනි ඇස පිළිබඳ අදටත් පර්යේෂණ පැවැත්වේ. භෞතික විද්‍යාඥයන් මෙයට විඤ්ඤාණවාදී අවසානයක්‌ දීමට කැමැතිය. ගුප්ත විද්‍යාඥයන්, පුනර්භවවාදීන්, අධ්‍යාත්මිකවාදීන් මෙය දකින්නේ තාත්වික සිද්ධියක්‌ ලෙසය.

- අනුර සොලමන්ස්‌ / Divaina

බිට් කොයින් | Bit coins

බිට් කොයින් නිදහස් සංඛ්‍යාංක(Digital) මුදල් ඒකකයකි. කිසිවෙකුත් මෙහි හිමිකාරත්වය නොදරයි මෙම ජලයේ නඩත්තු  කටයුතු නිදහස් මෘදුකාංග ශිල්පින් විසින් කරනු ලබයි  . බිට් කොයින් ජාලය  භාවිතා  කිරීමද නොමිලයේම කල හැකිය , ගනුදෙනු වේගවත් කිරීමට  අවශ්‍යනම් යම් මුදල ගෙවා එය සිදු කරගත හැක . මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ මෙහි ඇති සුරක්ෂිත බවයි , ලොව ප්‍රසිද්ධ රජයන් සහ හමුදා භාවිතා කරන ආරක්ෂාකාරී පිළිවෙත් මෙහිදීද අනුගමනය කරනු ලබයි .

බොහෝ මූල්‍ය ඒකක වලට වඩා දැනටමත් විශාලවන බිට් කොයින් මුදල් ඒකකය දිනෙන් දින ඉහල යමින් පවතී  . පවතින ආර්ථික අර්බුද හා ද්‍රවශීලතා හිඟයන් නිසා මෙම නව මූල්‍ය ඒකකය යුරෝ සහ ඇමරිකානු ඩොලරයට අභියෝග කිරීමට සූදානම් වී සිටියි.

කිසිදු මූල්‍ය ආයතනයක් හෝ රජයක් මත නොයැපෙන බිට් කොයින් තම මුදල් කඩා වැටෙන ගෝලීය බැංකු පද්ධතියෙන් ගලවා ගැනීමට උත්සාහ කරන අයට ආරක්ෂාවක් වනු ඇත.

2009 ආර්ථික බිඳවැටීම අතරතුර බිහිවූ මෙම නව ඩිජිටල් මූල්‍ය ඒකකය සටෝෂි නිකමොටෝ නමින් හඳුන්වා ගන්නා ලද පුද්ගලයකු විසින් නිර්මාණය කරන ලදී. විවෘත මෘදුකාංගයක් මගින් ක‍්‍රියාත්මක වන මෙම මුදල් ඒකකය පරිගණක දෙකක් අතර මූල්‍යමය හුවමාරු සිදු කරයි. බිට්කොයින් ජාලය නොමිලේ ලැබෙන අතර හමුදා සහ රජයේ යෙදුම් වලට භාවිතා වෙයි.

මේ මූල්‍ය ඒකකයේ නිකුත් වීම සම්පූර්ණයෙන් ස්වයංක‍්‍රීය වන අතර සෑම මිනිත්තු 10 කටම බිට් කොයින් 25 ක් නිපදවෙන පරිදි සකසා ඇත. බිට්කොයින් මිලියන 21 ක් ඇතිවන තුරු උද්ධමනය වසරකට අඩකින් අඩුවන පරිදි පවත්වා ගනී.

පුද්ගලයන් හා ව්‍යාපාර වලින් බිටිකොයින් භාවිතය ප‍්‍රතික්ෂෙප නොකරන තාක් කල් මෙහි මිලදී ගැනීමේ හැකියාව අඩු නොවනු ඇත. කැමැත්තෙන් ගණුදෙනු හෙලි නොකරයි නම් මේ මුදල් බදුවලින් නිදහස් වන නිසා ඇමරිකානු රජය හා භාණ්ඩාගාරය දැඩි නීති පැනවීමට සූදානම් වෙයි.

Google කරන ලද සමීක්ෂණ මගින්  මගින් බිට්කොයින් හි පුපුරායන වර්ධනය පෙන්නුම් කර දී ඇත. මෙම මුල්‍ය රැල්ල ගෝලීය ආර්ථික අර්බුදයත් සමඟ සුනාමියක් මෙන් නැග එන ලකුණු පෙන්වයි. සියළුම මූල්‍ය ප‍්‍රකාශන හා බ්ලොග් අඩවි පෙන්වා දෙන්නේ මෙම ඩිජිටල් මුදල් ඒකකය ශීග‍්‍රයෙන් වර්ධනය වන බවයි.

බහුතරයක් මෙයට කැමැත්ත දක්වන අතර විපක්ෂව සිටින සුළු පිරිසක් කියන්නේ එහි සාර්ථකත්වය පවතිනු ඇත්තේ රජයන් විසින් ඉඩ දෙන තාක් කල් පමණක් බවයි.

නමුත් ඇමරිකානු රජය ඒකාධිපතිවාදීන් හා යුධකාමීන් මර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාවේ ඇති කල නීතිමය තත්වයන් ඔවුන් පාලනයට අපහසු වූ ලෙසම මෙම මූල්‍ය ඒකකයට ඇඟිලි ගැසීම්ද සාර්ථක නොවනු ඇති බවට විශ්වාසයක් පවතී.

ඇමරිකානු ගිනි අවි හිමිකාරිත්වය දැරීමේ නිතිය ඇමරිකානුවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වුවත් මාස කිහිපයක් තුල බිට් කොයින් සිය අගය බිලියන එක දක්වා වර්ධනය කර ගැනීම එහි සාර්ථකත්වය පෙන්නුම් කරයි.

කඩා වැටෙමින් ඇති බැංකු ක‍්‍රමය නිසා බොහෝ දෙනෙක් මෙම නව මුල්‍ය ඒකකය පිලි ගැනීමේ ලකුණු පෙන්වා තිබේ. පවතින මූල්‍ය පීඩනයට එරෙහි බිට්කොයින් සටන නුදුරේදීම ඇරඹෙනු ඇත.

බිට් කොයින්  වල ඇති සුවිශේෂී කරුණු මෙසේ සැකෙවින් දැක්විය හැක ,


  • ක්ෂණික ග්‍රහකයගෙන් ග්‍රහකයට සිදුකරන ගනුදෙනු (Instant Peer to Peer Transactions)
  • ලෝකව්‍යාප්ත ගනුදෙනු කිරීමේ හැකියාව
  • පහසු භාවිතාවට ඇති හැකියාව
  • වෙනස්කල නොහැකි වීම (හැකර් කරුවන්ගෙන් බේරීමට )
  • මෙහෙයුම් ගාස්තු රහිත වීම
  • තනි පාලනයක් රහිත වීම ( මුදලේ අගය නිදහසේ තීරණය වීමට බලපායි )
  • කිසිදු රජයක හෝ බැංකුවක පාලනයෙන් තොර වීම .
 බිට්කොයින් පිලිබඳ ගැඹූරු විග‍්‍රහයක් මැක්ස් කීසර්  විසින් දක්වා තිබේ .මෙම මුදල් ඒකකය බැංකු පද්ධතියෙන් නිදහස් වන නිසා මහජන මුදල් වලින් තම බෝනස් තරකර ගන්නා බැංකුකරුවන්ට ඉඩක් ලබා නොදෙයි. බිට්කොයින් මගින් මහන්සියෙන් උපයාගෙන තැන්පත් කරන මුදල් සූදුකරුවන්ට ඔට්ටු තබා පැරදීමට ලබා දීම වලක්වනු ඇත. එසේම රජයන් භාරයේ මුදල් පැවතීමේ අවදානමද අඩු කරයි.

අනෙක් වැදගත් කරුණ නම් මේ මුදල් ඒකකයේ ඇති පුද්ගලිකත්වයයි. රජයන් හා ඒ සම්බන්ධ සංස්ථා මූල්‍ය ආයතන සමඟ ඇතිකරගන්නා ගිවිසුම් අනුව  ඕනෑම හේතුවක් මත තැන්පත් කරුවන්ගේ තොරතුරු රජයට ලබා ගත හැකිය.

සයිප‍්‍රසයේ තත්වය දෙස අවධානය යොමුකරන අයෙකුට මෙහි ඇති අවදානම පැහැදිලිවනු ඇත. බිට්කොයින් හි ගුප්ත ස්වභාවය මෙවැනි අවදානම් වලින් ආරක්ෂාව ලබා දෙයි.
අවසාන ලෙස කීසර් දක්වා ඇති කාරණය නම් බිට්කොයින් හි සැපයුම සීමාසහිත වීමයි. 2140 වන විට බිට්කොයින් නිකුත් වීම අවසන් වන පරිදි සකසා තිබේ. මෙය මුදලේ ආරක්ෂාව ගැන සිතන ආර්ථික පරිසර විද්‍යාඥයන්ට හොඳ ආරංචියක් වනු ඇත.

අවාසනාවකට බොහෝ පරිසර විද්‍යාඥයෝ වංචාකාර බැංකු සහ කොල්ලකෑම් වලින් ආර්ථික පරිසර විද්‍යාව ආරක්ෂා කරගැනීමට වඩා පොලව හා මුහුද ආරක්ෂා කිරීමෙහි ලා කාර්යබහුල වී ඇතැයි කීසර් අවසාන ලෙස කියා ඇත.
බිට් කොයින් හි අගය ඔබට පහත ඝනකය ඇසුරෙන් ගණනය කරගත හැක .

උපුටා ගැනීම සහ විස්තර අන්තර්ජාලය ඇසුරෙනි (lanakacnews , wikipedia , http://bitcoin.org/en/) ..

අන්තර්ජාලයෙන් මුදල් | Working Online

ඔයාල ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන ක්‍රම දන්නවා වෙනත් පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන් කොහොම උනත් හැමෝගෙම දැන ගැනීම පිණිස කියනවනම් පොදුවේ වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ එක්කෝ google බ්ලොග් එකක් හදල එකේ google දැන්වීම් දාලා ඒවා මගින් කියක් හරි හොයා ගන්න, එහෙමත් නැතිනම් ඔය data entry වැඩක් කරලා කියක් හරි අතට හොයාගන්න.
කියක් හරි කීවට මේවත් කැපවීමෙන් මුළු දවසම කලොත් බර ගානක් අතට ගන්න පුළුවන් .වෙනත් විදිහකින් කියනවනම් පූද්ගලික ආයතනයක විදායක ශ්‍රේණියේ නිලදාරියෙක් ගන්නවට වඩා ඉහල වැටුපක් මේ ක්‍රම වලින් හොයා ගන්න පුළුවන්.

කොහොම උනත් මම දැන් කියන්න යන්නේ මේ ක්‍රම දෙකම ගැන නොවෙයි. මේ කියන්න යන ක්‍රමයෙන්  ඔයාලට යම් මුදලක් ලැබෙන ගමන් ඔයාලගේ දැනුමත් වර්ධනය වනවා, 




ලොව න්‍යෂ්ටික බලවත්තු | world's nuclear power houses



ලෝකයේ රටවල් 24 ට අධික සංඛ්‍යාවක ට න්‍යෂ්ටික  බලය තිබුනත් න්‍යෂ්ටික ආයුධ හිමි හෝ න්‍යෂ්ටික ආයුධ  ලබා ගත හැකි මට්ටමේ රටවල් ඇත්තේ සුළු ප්‍රමාණයකි.

ඇමරිකාව

ඇමරිකාව න්‍යෂ්ටික අවිවලින් පොහොසත් රටකි .ඇමරිකාව සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1945 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 1,054 ක්   කර ඇත. ඇමරිකාව අවසන් වරට අත්හදා බැලීමක් සිදු කළේ 1992 වර්ෂයේදීය. වැඩිම න්‍යෂ්ටික අත්හදා බැලීම් ගණනක් සිදුකර ඇත්තේ අමරිකාවයි.

රුසියාව

දැනට ලොව විශාලතම න්‍යෂ්ටික බෝම්බ අත්හදබලිම සිදුකර ඇති රටයි . මේ රටවල් දෙකට ගොඩබිමේ , ගුවනේ සහ සාගරයේ  ද  න්‍යෂ්ටික අවි මෙහෙයවීමේ බලය ඇත . රුසියාව සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1949 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 715 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1990 වර්ෂයේදීය.



එක්සත් රාජධානිය

එක්සත් රාජ්‍ය ද න්‍යෂ්ටික අවි වලින් යම්තාක් දුරකට පොහොසත් රටකි. න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කල හැකි සබ්මැරීන 4ක් ඔවුන් සතුය. එක්සත් රාජ්‍ය සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1952 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 45 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1991 වර්ෂයේදීය.

ප්‍රංශය

ප්‍රංශය ලොව තුන්වැන් විශාලතම න්‍යෂ්ටික අවිහල ලෙස හදුන්වයි. මිසෛල 300ක් අඩංගු සබ්මැරීන 4ක් ඔවුන් සතුය. ප්‍රංශය සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1960 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 210 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1996 වර්ෂයේදීය.

චීනය

චීනයට ගොඩබිම සහ ගුවනේ න්‍යෂ්ටික බලය ඇති අතර මිට මස 32 ට පෙර පළමු තාප න්‍යෂ්ටික අත්හදාබැලිම සිදුකළේය. චීනයට  සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1964 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 45 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1996 වර්ෂයේදීය.

ඉන්දියාව

ඉන්දියාව ස්වකීය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ආරම්භ කලේ චීනය න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කල සමයේදී ය .ඉන්දියාවටද ගොඩබිම සහ ගුවනේ න්‍යෂ්ටික බලය ඇත. ඉන්දියාව පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1974 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 6 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1998 වර්ෂයේදීය.

පකිස්තානය, උතුරු කොරියාව, ඊශ්‍රායලය සහ ඉරානය වැනි රටවල් කුඩා පරිමාණයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකර ඇතත් එතරම් බලවත් න්‍යෂ්ටික අවිවලට හිමිකම් නොකියයි. කෙසේවෙතත් ඉහත රටවල් අතුරින් පකිස්තානය න්‍යෂ්ටික අත්හදා බැලීම් හයක් ද, උතුරු කොරියාව තුනක් ද කැර ඇත.

ආයුබෝවේවා

 
හැඳින්වීම් , පුර්විකා වලින් තොරව කෙලින්ම වැඩට බහින්නයි මේ සුදානම . අහන්න දකින්න ලැබෙන වැදගත් ,රසවත් , ජිවිතයට යමක් එක කල හැකි සියලු දේ මෙහි ඇතුලත් කිරීම මගේ අභිප්‍රායයි . ඉඩ ලැබෙන පරිද්දෙන් මෙම බ්ලොගය යාවත්කාලින කිරීමට බලාපොරොතු වෙමි . එහෙනම් ආයුබෝවේවා ....