ලොව න්‍යෂ්ටික බලවත්තු | world's nuclear power houses
ලෝකයේ රටවල් 24 ට අධික සංඛ්‍යාවක ට න්‍යෂ්ටික බලය තිබුනත් න්‍යෂ්ටික ආයුධ හිමි හෝ න්‍යෂ්ටික ආයුධ ලබා ගත හැකි මට්ටමේ රටවල් ඇත්තේ සුළු ප්‍රමාණයකි.
ඇමරිකාව
ඇමරිකාව න්‍යෂ්ටික අවිවලින් පොහොසත් රටකි .ඇමරිකාව සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1945 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 1,054 ක් කර ඇත. ඇමරිකාව අවසන් වරට අත්හදා බැලීමක් සිදු කළේ 1992 වර්ෂයේදීය. වැඩිම න්‍යෂ්ටික අත්හදා බැලීම් ගණනක් සිදුකර ඇත්තේ අමරිකාවයි.
රුසියාව
දැනට ලොව විශාලතම න්‍යෂ්ටික බෝම්බ අත්හදබලිම සිදුකර ඇති රටයි . මේ රටවල් දෙකට ගොඩබිමේ , ගුවනේ සහ සාගරයේ ද න්‍යෂ්ටික අවි මෙහෙයවීමේ බලය ඇත . රුසියාව සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1949 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 715 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1990 වර්ෂයේදීය.
එක්සත් රාජධානිය
එක්සත් රාජ්‍ය ද න්‍යෂ්ටික අවි වලින් යම්තාක් දුරකට පොහොසත් රටකි. න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කල හැකි සබ්මැරීන 4ක් ඔවුන් සතුය. එක්සත් රාජ්‍ය සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1952 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 45 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1991 වර්ෂයේදීය.
ප්‍රංශය
ප්‍රංශය ලොව තුන්වැන් විශාලතම න්‍යෂ්ටික අවිහල ලෙස හදුන්වයි. මිසෛල 300ක් අඩංගු සබ්මැරීන 4ක් ඔවුන් සතුය. ප්‍රංශය සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1960 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 210 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1996 වර්ෂයේදීය.
චීනය
චීනයට ගොඩබිම සහ ගුවනේ න්‍යෂ්ටික බලය ඇති අතර මිට මස 32 ට පෙර පළමු තාප න්‍යෂ්ටික අත්හදාබැලිම සිදුකළේය. චීනයට සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1964 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 45 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1996 වර්ෂයේදීය.
ඉන්දියාව
ඉන්දියාව ස්වකීය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ආරම්භ කලේ චීනය න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කල සමයේදී ය .ඉන්දියාවටද ගොඩබිම සහ ගුවනේ න්‍යෂ්ටික බලය ඇත. ඉන්දියාව පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1974 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 6 ක් සිදු කර ඇත. අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1998 වර්ෂයේදීය.
පකිස්තානය, උතුරු කොරියාව, ඊශ්‍රායලය සහ ඉරානය වැනි රටවල් කුඩා පරිමාණයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකර ඇතත් එතරම් බලවත් න්‍යෂ්ටික අවිවලට හිමිකම් නොකියයි. කෙසේවෙතත් ඉහත රටවල් අතුරින් පකිස්තානය න්‍යෂ්ටික අත්හදා බැලීම් හයක් ද, උතුරු කොරියාව තුනක් ද කැර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ස්තුතියි ...