
කියක් හරි කීවට
මේවත් කැපවීමෙන් මුළු දවසම කලොත් බර ගානක් අතට ගන්න පුළුවන් .වෙනත්
විදිහකින් කියනවනම් පූද්ගලික ආයතනයක විදායක ශ්‍රේණියේ නිලදාරියෙක් ගන්නවට
වඩා ඉහල වැටුපක් මේ ක්‍රම වලින් හොයා ගන්න පුළුවන්.
කොහොම උනත් මම දැන් කියන්න යන්නේ මේ ක්‍රම දෙකම ගැන නොවෙයි. මේ කියන්න යන ක්‍රමයෙන්
ඔයාලට යම් මුදලක් ලැබෙන ගමන් ඔයාලගේ දැනුමත් වර්ධනය වනවා,
ඒ තමයි freelancer කෙනෙක් හැටියට වැඩකිරීම.
මුලින්ම අපි බලමු කවද මේ freelancer කෙනෙක් කියන්නේ කියල . freelancer
කෙනෙක් කියන්නේ තනියෙන් වැඩකරන කෙනෙක් ඔහු/ ඇය කිසියම් ආයතනයකට හෝ
පුද්ගලයකුට දිගුකාලීනව බැඳී නැහැ ( වැඩි විස්තර ඕනේ නම් මේ ලින්ක් එකෙන්
කියව ගන්න http://en.wikipedia.org/wiki/Freelancer
). Freelancers ලා හැටියට ලංකාවේ එතරම් ප්‍රචලිත නැතත් ,දැන් දැන් මෙයට යොමු වෙන ප්‍රමාණය වැඩිවෙමින් තිබෙනවා . ඔයාලට Graphic designing / Web designing / programming /
proof reading / Accounting/Marketing, Content Writing / Copyrighting / Management
හා තවත් විහිදුනු විශාල පරාසයක වැඩ ලබාගෙන සම්පුර්ණ කරදීමෙන් යම් මුදලක් ලබාගත හැකියි.
දැන් තමයි අපි කතාවේ වැදගත් හරියට එන්නේ, මේ ඔක්කොම කිව්වේ ඔයාලට
ප්‍රයෝජනවත් වෙන නිසයි. මම කියන්න යන්නේ ඔයාලට Freelancer කෙනෙක් හැටියට
වැඩකරන්න පුළුවන් වගකීමක් තියෙන web sites ගැනයි, මේවයින් එකක් තමයි Odesk.
මේකේ වැඩ ගන්න නම් තමන්ගේ තියෙන දක්ෂ කම් ටික පෙන්නලා දීල profile එකක්
හදන්න ඕනේ කොහොම උනත් මුලිකව ඔයාල Odesk ගැනත් දැන ගන්න ඕනේ නිසා එයාල
දෙන simple exam එකත් සමත් වෙන්න ඕනේ. ලංකාවේ අපි අව්රුද්දෙ 365 දවසෙන්
200 ක් විතරම විභාග ලියන නිසා ඔයාලට මේක එතරම් අමාරු වෙන එකක් නැහැ. එකෙන්
සමත් උනාට පස්සේ ඔයාලට මුලින්ම වැඩ ගණන් එක එතරම්ම ලේසි වෙන්නේ නැහැ
මුලින් ඔයාලගේ වැඩ පෙන්නන ඕනේ, එකට ඔයාලට වැඩවලට ලන්සු තියන්න වෙනවා. මුලින්ම සේවාදයකයෝ
දෙතුන් දෙනෙක් හොයාගතට පස්සේ ඔයාලගේ වැඩේ පහසුයි.මේ අතරවාරයේදී ඔයාල කලින් කලට කරන වැඩ එකතු කරලා portfolio එකක් හදාගැනීමත් වැදගත් . මෙතනින් පස්සේ ඔයාල කරන
හැම වැඩකටම ඔයාලට ratings ලැබෙනවා ඒවායේ අගය ඉහල මට්ටමක පවත්වා ගතහොත්
ඔයාලට පහසුවෙන්ම අලුත් සේවාදයකයෝ හොයාගන්න පුළුවන්.
තවත් මේ වගේ වෙබ් සයිට් එකක් තමයි Elance කියන්නේ
මේකත් හුඟක් දුරටOdesk වලට සමානයි නමුත් Odesk වලට වැඩ හොඳට ගෙවීම් කරන සේවාදායකයන් මෙහි සොයාගත හැකියි . එනමුත් මෙහි ඇති සමහර අංග නොමිලයේ ලබාදෙන්නේ නැහැ .
99Designs කියන්නේ තනිකරම අපගේ දක්ෂතවමට මුදල් ඉපයිය හැකි freelance site එකක් .මෙය ග්‍රැපික් නිර්මාණ වලටම විශේෂ වුනු web site එකක් , මිට අමතරව Web designing , Programming ද මෙහි සුළු වශයෙන් ඇත . මෙහි ඇති විශේෂත්වයනම් මෙහි වැඩ (Jobs ) වලට ඔබ වැනි තවත් විශාල ප්රමාණයකගේ නිර්මාණ ඉදිරිපත් කිරීමයි . හොඳම නිර්මාණය තෝරාගැනීම සහ අවසන් තීරණය ගැනීම සේවාදායකයාට ලැබෙන වරප්රසාදයයි .මෙහි ජයග්‍රහණය අපහසු වුවත් , එය කල නොහැක්කක් නොවේ . ඔබ සත්‍ය වශයෙන්ම දක්ෂ නම් විශාල මුදලක් මෙමගින් ඔබට ලබාගත හැකියි . ලොව පුරා සිටින ඇති දක්ෂ , විශාල නිර්මාණ කරුවන් ප්‍රමාණයක් සමග තරග කිරීම නිසා ඔබගේ නිර්මාණ හැකියාව වර්ධනයට ඇති හැකියාව මෙම web site එක මගින් ලැබෙන අතුරු වාසියකි .
fiverr කියන්නේ 5$ වැඩ ලබාගත හැකි web site එකකි . මෙහි ඇති සියලුම වැඩ(Jobs) 5$ පමණක්
වෙයි. ඔබට ඇති හැකියාව අනුව ඔබට ඇති හැකියාව ඇතුලත් කර පොස්ටු ප්රචරයකිරීමෙන්
මෙහිදී වැඩ(Jobs) ලබාගත හැක .
තවත් මෙවැනි web sites ගණනාවක්ම තිබෙනවා. නමුත් ඔබ දක්ෂ නම් ඉහත දැක්වූ තොරතුරු
වලින් ඔබට හොඳ සේවාදායකයින් ප්‍රමාණයක් රැස්කර ගන්නටත් එමගින් යහපත්
ආර්ථික තත්වයක් ගොඩ නාග ගන්නටත් ඔබට හැකිවේවි . මීළඟට පැන නගින ගැටලුව නම්
අප උපයන මුදල් ලබාගැනීමයි . අන්තර්ජාලයේ පහසුම සහ ලභාදයිම මුදල් හුවමාරු ක්‍රමයවන Pay Pal ලංකාවේ කිරියාත්මක නොවීම අපට ඇති ප්‍රධානම ගැටලුවයි . මෙයට විකල්ප ලෙස Payoneer cards සහ Moneybookers.com භාවිතා කල හැකියි මේවා සාපේක්ෂව ලාභදායි ක්රමයන් වේ (වැඩි විස්තර ලබාදී ඇති links මගින් ලබාගන්න ). ඔබටත් freelancer කෙනෙකු ලෙස ජයග්‍රාහී ගමනක් යාමට හැකි වේවායි පතමි.
No comments:
Post a Comment
ස්තුතියි ...