දෙව් මිනිසුන්ගේ සැපය උදෙසා අර්ථවත් ධර්මානුකූල ජීවිත රටාව පිළිබඳ
විස්තර, සියළු කෙලෙසුන් ගෙන් නිවී සැනසුන මුණිවරයන් වහන්සේලා විසින් දෙව්
මිනිසුන්ගේ ම හිත සුව පිණිස දේශනා කරන ලදි.එසේ මුල.මැද,අග සම්පූර්ණ වූත්
අකාලික වූත් ධර්මරත්නයකින් , සීල,සමාධි , ප්‍රඥාවෙන් ඵල නෙලා ගත්
නුවණැතියන්, ලෙඩ වීමත්,වයසට යෑමත්, මරණයත් ජගත් සේම තවත් බොහෝ අවබෝධ
නොකරගත් විශාල පිරිසක් ද මේ ඝෝර සසරෙහි සැමදාමත් සැරිසරමින් සිටීම
බුදුරජාණන් වහන්සේ විසින් අප හට මැනවින් පෙන්වා දී තිබේ.
වර්ථමානය තුල බොහෝ කාලයක සිට අප රට පාලනය කරන ඇත්තන්ගේ,නිළධාරීන්ගේ
අදූරදර්ශී තීරණ නිසා සිදුවන අපරාධ, සොරකම්,පවුල් ජීවිත තුල දකින්නට ලැබෙන
අසමගිය,අප කන බොන වස විස හා එම වස විස විකුණන ආයතන හිමියන්ගේ විෂම ලෝභය යන
අකුසල් වලින් සිදු විය හැකි සමාජ පරිහාණිය ගැන ශ්‍රී සද්ධර්මයෙහි සඳහන්ව
ඇත.සත්වයින්ගේ සංසාර ගමන දීර්ඝ වන තරමට සමෘද්ධිමත් යුග මෙන්ම අග-හිඟකම්
වලින් පිරි දුර්භීක්ෂ ත්‍රාසය උපදවන කාල වකවානු ද හමුවන එක ලෝකයේ කිසිවෙකුට
නතර කළ නොහැකිය.ඒත් මැරෙමින්, ඉපදෙමින් යුක්තිය,සාධරණය,සැපය සොයමින්
අවිද්‍යා මාර්ගය මුල් කරගෙන යන මේ සත්වයින්ගේ නුවණ මතු කර දෙන්නට හැකි
යුගයක් ද එන්නේය.
දෙව් මිනිස් සත්වයන්ගේ කුසල කර්මයන් බලවත් වන කාලයක ඒ අප මහා බෝසතාණන්
වහන්සේ තම අන්තිම ශරීරය දරණ යුගය පහල වන්නේය.බුදුරජාණන් වහන්සේලා පහල වන්නේ
බොහෝ කලකට පසුවය.එවන් යුග වල දෙව් මිනිස් ප්‍රජාවට මෙන්ම සමහර තවත්
සත්වයින් හට සැප ගෙන දෙන පුණ්‍ය වකවානුවක් ලෙස හැදින්විය හැක.තවමත් අපට ඒ
අපගේ භාග්‍යවත්, අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු
ශ්‍රී සද්ධර්මය ඇසෙන යුගයක් ව පැවතීම මහත් වූ වාසනාවකි.සම්මාදිට්ඨියෙන්
යුතු දෙව්-බඹුන් තවමත් අප අතර සිටිනවා.ප්‍රමාදය මාරයාගේ උගුලක්ය.ප්‍රමාද වූ
සත්වයින්ට හිමි වන්නේ ඝෝර සංසාරයයි.සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වදාළ
ධර්මයමයි ශ්‍රේෂ්ඨ වන්නේ .මෙය මුණිවරුන්ගේ දහමේ ලක්ෂණයකි.
භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙස මේ ලෝකය පවතින්නේ හේතුඵල දහමකිනි.ලෝකය තුල
අධ්‍යාත්මිකවත්, බාහිරවත් පවතින මේ ගැටළුව දැකිය හැකි වන්නේ ස්වකීය විශේෂ
නුවණකින් සත්‍ය අවබෝධ කළ මේ තුන් ලොවටම අග්‍ර වූ තථාගත අරහත් සම්මා
සම්බුදුරජාණන්වහන්සේට පමණි.අප සරණ ගිය ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන්
වහන්සේ විසින් කුසල් වැඩීම තුලින් ධර්මිෂ්ඨ සාමාජයක් බිහිවීමට උපකාර වන
කාරණා ශ්‍රී සම්බුද්ධ දේශනා තුලින් බොහෝ අවස්ථාවල වදාළා තිබෙනවා.එයින් එක්
අවස්ථාවක් වන්නේ මනුෂ්‍යයාගේ යම් කාල වකවානුවක අතීතයත්,වර්ථමානයත්,අනාගතයත්
උන්වහන්සේගේ බුදු ඇසින් දැක දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා දේශනා කිරීමයි.
අද අප සමජය තුල ඇති වී තිබෙන, විසදා ගත නොහැකි බොහෝ කරදර වලට හේතු
බුදුපියාණන් වහන්සේගේ මෙම උතුම් ධර්ම කරුණු වලින් වටහා ගැනීමට පින්වත් ඔබ
සැමට හැකි වී, බොහෝ පින් රැස කර ගැනීමට හේතු වේවා!
එදවස භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ මගධරට මාතුලා නම් ගමෙහිය.එක් දිනෙක
අප බුදුරජාණන් වහන්සේ භික්ෂූ සංඝයා උදෙසා මෙසේ වදාළ සේක.පින්වත් මහණෙනි,
වෙනත් සරණක් නොමැතිව තමාව ආරක්ෂා කරමින්,තමන්ව ම පිහිට කරගෙන,ශ්‍රී
සද්ධර්මය තුල සිට, ශ්‍රී සද්ධර්මය ම පිහිට කරගෙන වාසය කරන්නේ කෙසේද?
“පින්වත් මහණෙනි, එය වනාහි අපගේ කයෙහි ස්වභාවය අනුව බලමින්
කායානුපස්සනාවෙන් ද,විදීමේ ස්වභාවය අනුව බලමින්,වේදනනුපස්සනාවෙන් ද සිතේ
ස්වභාවය අනුව බලමින් චිත්තානුපස්සනාවෙන්ද, ධම්මනුපස්සනාවෙන් ද , කෙලෙස් තවන
වීරියකින් යුතු නුවණකින් ලෝකයේ කෙරෙහි ඇති ඇල්මත්, මානසික දුක් සහිත
පීඩනයත් දුරලමින් වාසය කිරීමයි.” එයින් හැඟෙන්නේ කෙලවරක් නොමැති සංසාර ගමනක
සිට එන මේ සත්වයින් එයින් මිදීමට නම් සීලයෙන් යුතුව ධර්මය තුල පිහිටීමෙන්
රැකවරණය සලසා ගත යුතු බවයි. එය වනාහි ධර්මය තුල සිහිය පිහිටුවා ගැනීමේ
සතරසතිපට්ඨානයයි.
මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඈත අතීතයේදී ධර්මයම රැකවරණය කර ගනිමින්,
ධර්මයෙහි රැකවරණය ලබමින් සිටි යුගයත්, පසු කාලයේදී සීලාදී ගුණ ධර්මයන්
පිරිහීමෙන් සිදුවුන විනාශයත් පහැදිලි කළ සේක.
ධාර්මික වූ චක්‍රවර්තී රජතුමා පහළවීම
මෙයින් බොහෝ කලකට පෙර මනුෂ්‍ය ආයුෂ 80,000 ක් වන කාලයේ දළ්හනේමි යනුවෙන්
සක්විති රජ කෙනෙක් පහළව සිටියහ.මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර
මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි
ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක් ද වූහ.මෙසේ
චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද,
ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න
වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි, දඬුවම් කිරීමකින් තොරව මුළු මහත්
පෘතුවි තලයටම අධිපති වී බොහෝ කාලයක් පාලනය කිරීමට දළ්හනේමි සක්විති රජතුමාට
පිනැති බලයක් තිබිණි.
මෙසේ පහළ වන චක්‍ර රත්නයට සක්විති රජතුමා විසින් පැන් වඩන කල්හි එම
දිව්‍යමය චක්‍ර රත්නය සිව් රඟ සේනා සමග ඉබේ කරකැවෙමින් ලෝකයේ සියළු පාලන
රාජ්‍යයන් වෙත යන බවත්,එසේ ගමන් ගන්නා රාජ්‍ය වල රජවරු කිසිම ලේ
වැගිරීමකින් හෝ යුද්ධයකින් තොරව තම පාලන ප්‍රදේශ දළ්හනේමි සක්විති රජතුමාට
පවරන බවත් ,එතුමාගේ අණින් පාලනය වන ඒ සියළු රජ්‍යයන් වල ජනයා කිසිදු බිය
සැකයකින් තොරව, පංචසීලයෙන් යුතුව බොහෝ කාලයක් සැප සහිතව ජීවත් වන බව
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක.ඉක්බිතිව දළ්හනේමි සක්විති රජතෙම තම
පාලනයෙන් අවුරුදු දහසකට පසු එක්තරා පුරුෂයෙක් කැඳවා මෙසේ කීහ.”පින්වත්
පුරුෂය මේ චක්‍ර රත්නය මේ තිබෙන්නා වූ ස්ථානයෙන් මදක් හෝ වෙනස්ව ඇත්නම් මා
හට දන්වන්න”. ඉන්පසු බොහෝ අවුරුදු දහස් ගණනක් දැහැමින් රාජ්‍ය පාලනය කළ පසු
ඉහත කී මාණික්‍ය රත්නය තිබෙන්නා වූ ස්ථානයෙන් වෙනස්ව ඇති බව දුටු රාජ
පුරුෂයින් ඒ බව රජතුමා හට දන්වනු ලැබූහ.දළ්හනේමි සක්විති රජතුමා එයින් පසු
දහසක් වූ තම පුත්‍ර රත්නයට කතා කොට එහි සිටින වැඩිමහල් පුත්‍රයා අමතා මෙසේ
කීවේය.පුත නුඹ මේ රාජ්‍යයේ පාලනය භාර ගත යුතුව ඇත.එලෙස රාජ්‍ය පාලනය
මැනවින් පවරමින් දළ්හනේමි රජතෙම කෙස් රැවුල් බා ගිහි ගෙයින් නික්ම භාවනා
කිරීම සඳහා ගියහ.එසේ සත් දවසකින් දිව්‍ය චක්‍ර රත්නය අතුරුදහන්
වුණි.පියාණන්ගෙන් දායදය නොපෙනී ගිය හේතුවෙන් කලබලයට පත් පුත්‍ර රජතෙම තම
පියාණන් වන සෘෂිවරයාණන් හමුවී මේ කරුණ සැල කර සිටියේය.කරුණු වටහා ගත්
සෘෂිවරයාණන් වහන්සේ විසින් තම පුතුට මෙසේ කීහ.”පුත්‍රය මේ චක්‍ර රත්නය
නොපෙනී යෑම ගැන ඔබ කලබල විය යුතු නැත.එය ඔබගේ වරදක් ද නොවේ.මෙය පියාගෙන් ලද
දායදයක් ද නොවේ.මෙසේ නොපෙනී ගිය චක්‍ර රත්නයත් සක්විති රජකමත් නැවත ලබා
ගැනීමට නම් ඔබ විසින් සක්විතිවත් පිරිය යුතුය.මෙසේ පුත්‍ර රජතෙම සක්විතිවත්
විමසන්නේය.
සෘෂිවරයාණන් වහන්ස මෙම නිවැරදි සක්විතිවත් නම් කවරේද?
1 පුතා නුඹ ධර්මයෙහිම පිහිටා කටයුතු කළ යුතුව ඇත.එසේම ධර්මයට අනුග්‍රහය
දක්වමින්,ගරු කරමින්, ධර්මයටම ඇලී වාසය කරමින්,ධර්මයට ප්‍රිය මනාපව,ධර්මය
පුදමින්,වඳිමින් ධර්ම බලයකින්,ධර්මය මුල් කරගෙනම තමන්ගේ බිරිඳට, දරුවන්ට
සීලය ගැන පහදා දී ඒ අනුව ඔවුන්ව පුරුදු කර ඒ තුල ඔවුන්ව පිහිටුවා,ධර්මයෙහි
රැකවරණය ඔවුන්ට සැලසිය යුතුයි.
2 රාජපුරුෂයන් ද,රජ පරපුර ද,ගෘහපති පවුල් ද,පංච සීලයෙහි පිහිටුවා ධර්මය තුලින් ආරක්ෂාව ඔවුන්ට ද සැලසිය යුතුය.
3 සියළුම ගම්දනව් වල,ජනපද වල සියළු වැසින්යන්ට සහ සියළුම සත්වයින්ට මෛත්‍රියෙන්, හිංසාවෙන් තොරව කටයුතු කළව.
4 තම රට තුල අධර්මය බලවත් වන්නට ඉඩනොදිය යුතුය.
5 තම රටෙහි සියළුම දුප්පතුන්ට ධනය සහ සැප සම්පත් දිය යුතුය.
6 පුතා තම රටෙහි රාගයෙන් තොරව, අනගාරිකව,බ්රහ්මචාරීව වාසය කරන පින්වත්
සෘෂිවරයන් වහන්සේලා ඇත් ද, ඔබ ඔවුන් කරා නිතර ගොස් අකුසල් ගැන දැන ගෙන, ඒ
අකුසල් වලින් මිදිය යුතුය.කුසල දහම් ගැන අසා, ඒ කුසල් ද වැඩිය යුතුය.
පින්වත් පුත්‍රය, සක්විති රජ කෙනෙකු පිරිය යුතු සක්විති වත් මෙසේය.
ඉන්පසු එම රජතුමා තම පියාණන්වහන්සේ විසින් පවසා සිටි සක්විති වත් ඒ
අයුරින්ම සම්පූර්ණ කරන ලදි.මෙසේ සම්පූර්ණ කරන කල්හී නැවත දිව්‍ය චක්‍රරත්නය
ඔහු ඉදිරියේ පහල විය.එසේ පෙර යම් සක්විති රජකෙනෙකුට පහල වූවා සේ මේ මහපොළව
පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන් පහළ වන ධර්මරාජ්‍යයක්
තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද සමග එතුමා හට පිනෙන්
පහළවන මාණික්‍ය හතක් ද වූහ.මෙසේ චක්‍ර රත්නයෙන් ද,අශ්ව රත්නයෙන් ද, හස්ති
රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද,
පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින් කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි දඬුවම්
කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි තලයටම අධිපති වී බොහෝ කාලයක් පාලනය
කිරීමට මෙම සක්විති රජතුමා හට ද ලැබිණ.
මේ අයුරින් සක්විති රජතෙම තමන්ගේ සිව් රඟ සේනාවන්ගෙන් සමන්විතව බොහෝ
ප්‍රදේශ කරා යමින් සිටින විට, එම ප්‍රදේශ තුල චක්‍රරත්නය පිහිටයි ද, එලෙස
තමන් ඇතුළු රාජ සේනාව එම ප්‍රදේශ තුල වාසය කරයි.එසේ වාසය කරන කල්හි එම
ප්‍රදේශ වල අණ පතුරුවා සිටින සියළුම රජවරු මෙම සක්විති රජතුමා වෙත පැමිණ
මෙසේ කියන්නේය.පින්වත් මහරජාණෙනි,ඔබගේ පැමිණීම යහපත් දෙයක් ය.අප සතුව පවතින
මේ සියළුම රාජ්‍යයන් පිළිගෙන අපට අනුශාසනා කළ මැනව.එසේ ප්‍රකාශ කරන විට
සක්විති රජතෙම ඔවුන් වෙත අනුශාසනා කරන්නෙහිය. ඔබ සියළු දෙනා ඇතුලු සියළුම
රටවැසියන් අද පටන් පංචසීලය රැකිය යුතුය.එය මෙසේය. ප්‍රාණඝාතයෙන්
වැලකීම,අනුන්ගේ දේවල් සොරකම් කිරීමෙන් වැළකීම,වැරදි කාම සේවනයෙන්
වැලකීම,බොරු කීමෙන් වැළකීම සහ මත්පැන් බීමෙන් වැළකීම යන සුචරිත කුසල
කර්මයන් ය.මෙසේ සක්විති රජතුමා සියළු ප්‍රදේශ වලට ධර්මය පතුරුවමින් යන කල
වෙනත් ප්‍රදේශ වල වාසය කරන විරුද්ධ රජ දරුවන්ට ද මෙම පණිවිඩය සැල වී,
ඔවුන්ද තම ප්‍රදේශ පූජා කර සක්විත් රජතුමා සමග ගමන් කරන්නනාහුය. මේ සියළු
කටයුතු සිදු වන්නේ කිසිදු ලේ වගිරීමකින් හෝ ආක්‍රමණයකින් තොරව ධර්මයේ
අනුහස්භාවයෙනි.
මෙසේ සක්විති රජතුමාගේ පාලන කාලය තුල පංචසීලය අනුගමනය කරන හෙයින් රට තුල
සොරකම්,ප්රානඝාතන ඇතුලු බොහෝ අකුසල් වලින් මිදුන,පරිසරයක් පවතින නිසා රට
වැසියන් දියුණුවෙන් දියුණුවට පත්ව බියකින් තොරව සැපවත්ව වාසය කරන්නේය.සැප
සම්පත් නිසි අයුරින් උස් පහත් භේදයකින් තොරව සැමට බෙදී යන්නේය.පස සරු
වන්නේය. නිසි කලට වැසි ලැබෙන්නේය.අස්වැන්න සරු වන්නේය.කන බොන ආහාර පවා
පෝෂනයෙන්, සුවඳින් අග්‍ර වන්නේය. ඉතින් එකල මැරයන්
නොමැතිකල්හි,ප්රානඝාතකයින්,සොරුන්,වදකයින්,භේබද්දන්,සල්ලාලයන්,ස්ත්‍රී
දූෂකයින්,ළමා අපචාර ද නැති හෙයින්,,වස විස වලින් තොරව වගා කරන
හෙයින්,මනුස්සයින්ගේ ජීවිත කුසල් දහම් වලින් පිරී යන්නේය.කුසල් දහමින්
පිරුනු යුගයක් නිසා සැප සම්පත් ද බහුල වන්නේය.එය දකින දෙවියන් ද බොහෝ සතුටු
වන්නේය.
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම බුදු ඇසින් අතීතය දැක පින්වත් ස්වාමීන් වහන්සේලා වෙත මෙලෙස වදාළ සේක.
පින්වත් මහණෙනි, මේ විදිහට එම චක්‍ර රත්නය සක්විති රජතුමා විසින් දිනා
යම්තාක් දුරට සමුද්‍රය කෙළවර කොට ඇති පොළොව පළමුවැනි සක්විති රජ තුමා ද,
දෙවැනි හා තුන්වැනි රජතුමාගේ සිට සත්වෙනි රජතුමා දක්වාම තම වැඩිමහල්
පුතණුවන්ගේ රාජ්‍යත්වය මැනවින් පිහිටුවාලමින් බොහෝ වර්ෂ දහස් ගණනක්
ගිහිගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ වන්නේය.මෙසේ පරම්පරා හතකට පසුව, සත්වැනි
රජතුමා දිව්‍ය චක්‍රරත්නය අතුරුදන් වුන කල්හි සුපුරුදු ලෙස ගිහිගෙය අත්
හැර මහණ දම් පුරන තම පියාණන් වහන්සේගෙන් සක්විති වස් නිසි කලට නොවිමසා,
තමන්ගේ මතය පරිදි රට පාලනය කරන්නේය.
කුසල ධර්මයන් පිරිහීමෙන් රාජ්‍ය අස්ථාවර වීම
එම සත්වනි රජතුමා විසින් තමන්ට රිසි පරිදි රටවැසියන්ට අනුශාසනා කරන විට
රටේ පැවතුන දියුණුවද ක්‍රමක් ක්‍රමයෙන් පරිහානියට පත්වෙන්නට සිදු
වුණි.එකල්හි සියළුම රටවැසියන් රැස්ව රජතුමා වෙත ගොස් පිරිසිදු සක්විතිවස්
පිරීමට අනුශාසනා කරන ලදි.එය ඇසූ රජතෙම නැවත ධර්මය තුල පිහිටා සියළු
රටවැසියන්ට ආරක්ෂාව හා රැකවරණය දුණි.එහෙත් නිතර නිතර බ්‍රහ්මචාරි ලෙස තපස්
රකින සෘෂිවරයන් වහන්සේලා බැහැ දැකීම සිදු නොවුන හෙයින් කාලයකට පසු දුප්පත්
මිනිසුන් වෙත නිසි ලෙස ධනය නොලැබුණි.
ධනය රටවැසියා වෙත නිසි ආකාරයට නොලැබීම හේතුවෙන් රටේ පවතින දිලිඳුකම
ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවීමට පත් වුණි.ජනතාව අතර අග හිඟකම් වැඩීවීම නිසා ඇති
හැකි උදවියගෙන් සොරකම් කිරීමට මෙම දිලින්ඳන් පුරුදු විය.අන් අයගේ වස්තුව
සොර සිතින් පැහැර ගැනීම සිදුවීමත් සමග පළමුව සොරුන් බිහි වුණි.ඉක්බිතිව රාජ
පුරුෂයන් වෙත මෙය දැන ගැනීමත් සමග එම සොරුන්ව රජතුමා ඉදිරියට පමුණුවනු
ලැබූහ.රජතුමා විසින් කුමන හේතුවකට ද සොරකම් කළේ යැයි ඇසූ විට, මෙම සොරුන්
පැවසුවේ ජීවත්වීමට මගක් නොමැති නිසා සොරකම් කළ බවයි. එවිට රජතුමා එම
සොරුන්ට ධනය ලබා දුනි.තවත් සොරුන් අල්ලා ගත් විට ඒ සොරුන්ට ද තව තවත් ධනය
ලබා දුනි.මේ බව රටවැසියන්ට ආරංචි වීමත් සමග ඔවුන්ද ධනය ලබා ගැනීමේ අදහසින්
සොරකම් කිරීමට පටන් ගන්නා ලදි.මෙසේ සොරකම් වැඩිවුන කල්හී ධනය ලබා දීමෙන්
සොරකම් මැඩපැවත්වීමට නොහැකි නිසා, රජතෙම රාජපුරුෂයන්ට අණකර සිටියේ එම
සොරුන් අල්ලා මරා දමන ලෙසටය.
රජතුමා විසින් ධනය ලබාදීම අත්හල හෙයින් තව තවත් දිලිඳුකම වැඩිවිය.සොරකම්
සහ දඬුවම් දීම් නිසා ආරක්ෂාවට අවි ආයුධද වැඩි විය.එලෙස අසූදහසක් ආයූ ඇති
එම රටවැසියන්ගේ ඊලඟ දරු පරම්පරාව අවුරුදු හතලිස් දහසකට අඩු විය.ප්‍රානඝාතය
වැඩි වීමත් සමග බොරුවද වැඩි විය.එලෙස ඊලඟ පරම්පරාවේ දරුවෝ අවුරුදු
විසිදහසකින් ආයුෂ අඩු විය.මෙසේ බොරු කීම නිසා කේලාම් කීමද වැඩිවීමත් සමග
ඊලඟ පරම්පරාවේ දරුවෝ ආයුෂ දස දහසකට අඩු වීමෙන් වර්ණයද පිරිහී ගියහ.එම
පුත්‍රයන්ගේ ඊළඟ පරම්පරාවේ පුත්‍රයන් වැරදි කාම සේවනයේ යෙදීම හේතුවෙන් ආයුෂ
අවුරුදු පන්දහකට අඩු වුණි.මනුෂ්‍ය ආයුෂ වේගයෙන් අඩු වෙමින් පවතින විට
ඔවුන් තුල හටගත් අධික ආශාව,වෛරය,ක්‍රෝධය සහ පලි ගැනීම් නිසා අවුරුදු දාහක
ආයු ඇත්තෝ වූහ.
එවිට අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
මහණෙනි දහසක් ආයුෂ වලින් පිරිහීමට ලක් වූ මේ මනුෂ්‍යයින් තුල
මිත්‍යාදෘෂ්ඨිය විශාල ලෙස වැඩුණි.මෙසේ පන්සීයක් ආයු ඇති කාලයේ අධර්ම රාගය
ද,විෂම ලෝභය ද, මිත්‍යාධර්මයන් ද බහුල ලෙස පැතිර ගියහ.එසේ බොහෝ අකුසල
ධර්මයන්ගෙන් සමාජය පිරිහුන විට මේ මනුෂ්‍යයින්ගේ ආයුෂ දෙසිය පනහ දක්වා අඩු
විය.දෙසිය පනහක් ආයු ඇති ඔවුන් මවටද, පියාටද හිරිහැර කිරීමටද,සිල්වත්
ස්වාමීන් වහන්සේලාට ගැරහීමට ද,වැඩිහිටියන්ට නොසැලකීම ද නිසා නැවත මෙම
මනුෂ්‍ය ආයුෂ සියයක් තරම් අඩු ප්‍රමාණයකට පත් වුණි. මේ කාලය තුල සත්වයින්ගේ
කුසල ධර්මයන් තව තවත් බොහෝ පිරිහීමට ලක්වීමෙන් කුසලය කුමක්ද? අකුසලය
කුමක්ද? මව කවුද? පියා,නැගණිය,සොහොයුරා කවුද? යනුවෙන් වත් නිසි ලෙස හඳුනා
ගැනීම්ට නොහැකි වීමෙන් ආයුෂ දහය දක්වා අඩු වන බවත්, එලෙස අඩුවී ඒ
සත්වයින්ගේ ජීවිත දැඩි කෝපයකින්,මහත් වූ ව්යාපාදයකින්,ද්වේශයද වැඩිවීමෙන්
අධික ලෙස වධක මානසිකත්වයකින් හමුවන් සියළු දෙනා ඝාතනය කිරීමේ දැඩි ආශාවකින්
සත් දවසක් තුල ආයුධ වලින් සමූළ ඝාතයන් කරමින් මහත් විනාශයක් සිදු කරන බව
භග්‍යවතුන් වහන්සේ වදාරන ලදි.එකලට ගිතෙල්,වෙඩරු,තල තෙල් සහ ලුණු යන රසයන්
නැතිවී යන්නේය.
දැන් අප රට තුල වර්ථමානයේ පවතින තත්වය ගන සලකා බලමු.මේ වන විට එදා අපිට
සුවඳ දුන් පළතුරු වල, එලවළු වල, සහල් වල පෝෂනයද ,රසද සුවඳ ද බෙහෙවින් අඩුවී
ඇත.බොහෝ යුරෝපා රටවල උදෑසන ආහාර සඳහා භාවිතයට ගන්නේ කෙඳි සහිත ආහාර
වර්ගය.අප බුදුරජාණන් වහන්සේ මීට 2600 වසරකට පෙර මේ බව වදාළ සේක.බුදුරජාණන්
වහන්සේ අතීත,වර්ථමාන සහ අනාගත කාල උන්වහන්සේගේ බුදු නෙතින් දැක අපට
නොකියන්න අප අද සිටින්නේ කොහෙද කියාවත් සිතා ගැනීමට අපහසු වනු ඇත.ශ්‍රී
ලංකාව තුල බොහෝම කතා බහකට ලක්වී තිබෙන වස විෂ වලින් පිරී ගිය අපගේ
එළවළු,සහල් අටු කොටු ගැන සහ රෝගී වූ අපේ ජනතාවද, මේ විෂම ලෝභයෙන්,දැඩි
ද්වේශයකින් හිතක් පපුවක් නොමැතිව ආසනික් විෂ සහිත පොහොර විකුණන ඇත්තන් ගැන
නෙවෙයිද අප භග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කරන්නේ.
සමහර දූෂිත පාලකයන් මෙන්ම, එම පාලනය ඩැහැ ගැනීමට සිටින දූෂිත
විරුද්ධවාදීන්ද,ළමා අපචාරයන් කරන,අවි ආයුධ වලින් සන්නද්ධ පාතාලය ගැන,පාසල්,
වෙහෙර විහාරස්ථාන අසල තිබෙන අරක්කු තැබෑරුම් ගැන,අධර්මයෙන් පෙලෙන
මිත්‍යාදෘෂ්ඨික ආක්‍රමණිකයන් ගැන,පාලන තන්ත්රයේ සිට, නිළධාරීන් දක්වාද,
ජනතාවගේ සිට පාසල් වල ඉගෙනුම ලබන දරුවන් දක්වාද ප්රචන්ඩත්වය ඇතුළු ගහ මරා
ගැනීම් සිදු වන බව දැනටම පැහැදිලිවම පෙනෙන්නට තිබීම ඝෝර සසරෙහි දුක පිළිබඳව
බුද්ධ දේශනා මනාවට විදහා දක්වයි.එසේ නම් දැන් සිදුවී තිබෙන්නේ කුමක්ද?
ප්‍රානඝාතය,සොරකම,වැරදි කාම සේවනය,බොරු කීම සහ මත් පැන් ඇතුළු මත්ද්‍රව්‍ය
භාවිතය නොවේද?මේ අකුසල් සමග බද්ධ වෛරය,පලිගැනීම,ඊර්ශ්‍යාව,කෲරත්වයත් සමග
අපගේ ආහාරත් අපටම විස වීමෙන් වර්ණයද බලයද,සැපය ද, ආයුෂද වැනසී ඇත.අප කළ
යුත්තේ එකිනෙකාට විවෙචනය කරගැනීම නොව,තවමත් පිරිසිදු බුද්ධ දේශනා මනා ලෙස
අපට කියා දෙන්නට ආර්යන් වහන්සේලා ජීවතුන් අතර සිටින හෙයින් නොපමාව ධර්මයේ
හැසිරීමටත්,සිල් ගුණ දියුණු කර ගැනීමට යෝනිසෝ මනසිකාරය ඇති කිරීමට මහන්සි
ගැනීමයි.බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි එම භයානක කාලයෙන් මිදිය හැකි වන්නේ
සුචරිතයේ හැසිරෙන පිරිසට පමණි.බුදු කෙනෙක් එය අනාගතයේ සිදුවන බව ප්‍රකාශිත
හෙයින් එය සිදුවෙනවාමයි.එය වැළක්විය නොහැක. ලෝක ස්වභාවය කිසිවෙකුට වෙනස් කළ
නොහැක.තථාගතයන් වහන්සේලාට පුළුවන් වන්නේ ඝෝර සසරින් මිදෙන මග නුවණැතියන්ට
විස්තර කර මග පෙන්වීම පමණි.
අනාගතය
අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාගතයෙදී මෙසේ ආයුෂ
දහයකට සීමා වන විට ඒ භයානක සතියක් තුල එකිනෙකාට මරා ගැනීමෙන් පසු ඉතිරිවෙන ඒ
මිනිසුන්ට මෙසේ සිතට පහල වන සිතුවිලි වදාරණ සේක.
අප විසින් පංච සීලය රැකිය යුතුය.දඬු මුගුරු ඉවතලා ගංගා සහිත දූපත්
වල,කදු මුදුන් වල හෝ වනයට පැන ගොස් සතියක් එම මහා ඝාතනයෙන් වැළකෙමු යැයි
කියාය.එම සතිය ඇවෑමෙන් පසු බොහෝ වර්ෂ දසදහස් ගණනක් කුසල් දහම් වැඩීම
හේතුවෙන් නැවත ඒ පින්වත් මනුෂ්‍යයන්ගේ පරමායුෂ අසූදහසක් දක්වා වැඩෙන්නේය.
පංචසීලය ආරක්ෂා කරමින්,දෙමව්පියන්ට ,වැඩිහිටියන්ට සලකමින්,කේලම් කීම,පරුෂ
වචන බැහැර කරමින්,තරහ දුරු කරමින්,පින්,පව්,කුසල් දහම් හඳුනාගෙන ලෞකික
සම්මදිට්ඨියෙන් යුතුව,අධම රාගය,විෂම ලෝභය සහ මිත්‍යාදෘෂ්ඨිය අත්හරිමින්
ආයුෂයෙන්, වර්ණයෙන් සහ බලයෙන් අනාගතයේ මනුෂ්‍යයන්ගේ පරම ආයුෂ 80 000ක්
දක්වා වැඩිවීම මේ හේතු ඵල දහමේ ස්වභාවයේ සත්‍යතාවය මැනවින් අපගේ බුදු
පියාණන්වහන්සේ විසින් වදාළ සේක.
එකලට ලෙඩ රෝග වලින් තොරව වයසට යෑමත්,කුසගින්නත්,අශාවත් පමණක් පවතිනු
ඇත.මේ මහා භද්‍ර කල්පය තුලම සිදුවන මේ වෙනසත් සමග අප මහා සම්මා
සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහල වන බව ඒ භාග්‍යවත් අරහත් ගෞතම
බුදුරජාණන් වහන්සේ වදාළ සේක.පිළිවලින් කකුසඳ සම්මා සම්බුදු රජාණන්
වහන්සේ,කෝණාගමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ,කාශ්‍යප සම්මා සම්බුදු රජාණන්
වහන්සේ සහ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ත්,අනාගතයේ ආයුෂ අසූදහසක්
යන කල්හී ඒ භාග්‍යවත් අරහත් මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහල වන
සේක.
මහා භද්‍රකල්පය තුල පහලවන අවසන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාළ සේක.
පින්වත් මහණෙනි, එකලට දඹදිව, කේතුමතී නම් රාජධානියක් පහල වන්නේය.අතිමහත්
සමෘද්ධිමත් යුගයක් වන එම රාජධානියේ වෙසෙන මිනිසුන්ගේ පිනටම සංඛ නම්
චක්‍රවර්තී රජ කෙනෙක් පහල වන්නේය.ගම්,නියම්ගම්, රාජධානි එකිනෙකට සම්බන්ධව
බට වනයක බට එකිනෙකට ලංව පිහිටියා සේ මිනිසුන් බොහෝ උපදින්නේය.කේතුමතී නම්
මනරම් රාජධානිය මුල් කරගෙන අසූහාරදාහක් තරම් නගරයන් වල වහලින් වහලට
කුකුළෙකුට වුවත් පහසුවෙන් ගමන් කළ හැකි ලෙස දියුණු යුගයක් වන්නේය.
මෙසේ නැවතත් මේ මහපොළව පුරා ඇති සියළු මහද්වීප වල සතර මහා සාගර ආවරණයෙන්
පහළ වන ධර්මරාජ්‍යයක් තුල කිසිවෙකුට පරාජය කළ නොහැකි ධාර්මික රාජ්‍යයක් ද
සමග එතුමා හට පිනෙන් පහළවන මාණික්‍ය හතක් ද වන්නේය.මෙසේ චක්‍ර රත්නයෙන්
ද,අශ්ව රත්නයෙන් ද, හස්ති රත්නයෙන් ද, මාණික්‍ය රත්නයෙන් ද, ස්ත්‍රී
රත්නයෙන් ද,ගෘහපති රත්නයෙන් ද, පුත්‍ර රත්නයෙන් ද යන සප්ත රත්න වලින්
කිසිවෙකුට ආක්‍රමණය කළ නොහැකි දඬුවම් කිරීමකින් තොරව මුළු මහත් පෘතුවි
තලයටම අධිපති වී පාලනය කරන්නේය.
මෙකලට දෙවියන්ට,බඹුන්ට,මරුන්ට,ශ්‍රමණක් බ්‍රහ්මයන්ට හෝ ලෝකයේ වෙන
කිසිවෙකුට වෙනස් නොකළ හැකි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නැවත වතාවක් ඒ
භාග්‍යවත් වූ, අරහත් වූ මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකයට
සිංහනාද කරන්නේය.ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් උසස් ඤාණයෙන් යුතු දෙව්
මිනිසුන් වෙනුවෙන් මුල,මැද,අග යහපත් වූද,අර්ථවත් වූද,මැනවින් සම්පූර්ණ වූ
උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේය.
පින්වත් මහණෙනි, එකලට පහල වන සංඛ නම් වූ චක්‍රවර්තී රජතෙම තමන් සතු
සියළුම රාජ සම්පත් දුගී මිනිසුන්ට දන් දී,ගිහි ගෙයින් නික්ම ඒ භාග්‍යවත්
මෛත්‍රී නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය තුල කෙස්
රැවුල් බා පැවිදි වන්නේය.එසේ ඒ උත්තමයන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින්
අරහත් ඵලයට පැමිණ වාසය කරන්නේය.
පින්වත් මහණෙනි, වෙනත් සරණක් නොමැතිව තමාව ආරක්ෂා කරමින්,තමන්ව ම පිහිට
කරගෙන,ශ්‍රී සද්ධර්මය තුල සිට, ශ්‍රී සද්ධර්මය ම පිහිට කරගෙන වාසය කරන්න.
“පින්වත් මහණෙනි, එය වනාහි අපගේ කයෙහි ස්වභාවය අනුව බලමින්
කායානුපස්සනාවෙන් ද,විදීමේ ස්වභාවය අනුව බලමින්,වේදනනුපස්සනාවෙන් ද සිතේ
ස්වභාවය අනුව බලමින් චිත්තානුපස්සනාවෙන්ද, ධම්මනුපස්සනාවෙන් ද , කෙලෙස් තවන
වීරියකින් යුතු නුවණකින් ලෝකයේ කෙරෙහි ඇති ඇල්මත්, මානසික දුක් සහිත
පීඩනයත් දුරලමින් වාසය කරන්න.
පිය උරුමයෙන් පැවත එන ඒ සතරසතිපට්ඨාන ධර්මයේ වාසය කිරීමෙන් ආයුෂයෙන් ද , වර්ණයෙන් ද,සැපයෙන් ද,සම්පත් වලින් ද, බලයෙන් ද වැඩෙන්නේය.
පින්වත් මහණෙනි, ආයුෂය බලවත් වන්නේ ඡන්ද,විර්ය,චිත්ත සහ විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වැඩීමෙනි.
පින්වත් මහණෙනි,භික්ෂුවක් වර්ණයෙන් වැඩෙන්නේ කෙසේද? භික්ෂුවක් විසින්
මනා කොට ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන් වේද,ගරු සරු ඇතිව වාසය කරන කල් හී සුළු
වරදේ හෝ බිය දකී ද,ශික්ෂාපද වල මැනවින් හික්මෙයි ද,එලෙස භික්ෂුව වර්ණයෙන්
වැඩෙන්නේය.
පින්වත් මහණෙනි, භික්ෂුවගේ සැපයට කාරණය වන්නේ ධ්‍යාන සමාප්තියට පැමිණ වාසය කිරීමයි.
පින්වත් මහණෙනි, සම්පතට කාරණය වන්නේ භික්ෂුව විසින් සතර බ්‍රහ්ම විහරරණය වන මෛත්‍රී,කරුණා,මුදිතා සහ උපේක්ඛා සාමධිය වැඩීම තුලිනි.
පින්වත් මහණෙනි භික්ෂුවගේ බලයට කාරනය වන්නේ මේ ශාසනය තුලම කෙලෙස් රහිතව,
අවබෝධයෙන් ම අරහත් ඵලයට පැමිණ ප්‍රඥා,විමුක්ත ඤාණ දර්ශනයෙන් යුතුව වාසය
කිරීමයි.
පින්වත් මහණෙනි මාර බලය තරම් මැඩලීමට අපහසු වෙන බලයක් මා නොදනිමි.එම මාර
බලය මැඩ පැවත්විය හැකි වන්නේ මේ උතුම් වූ අරහත් බලයෙන් පමණක් බව ත්,කුසල
ධර්මයන් ගෙන්මයි පින වැඩෙන්නේ යැයි අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ
සේක.
මා පමඤ්ඤේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන
උදකුම්භෝ පි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස
ථෝකථෝකම්පි ආචිනං
“ඕක ඉතින් පොඩි පිනක්නේ” කියලා,තමන්ට විපාක දෙන්නට තමා කරා එන්නේ නැහැ
කියලා ගණන් නොගෙන ඉන්න එපා. වතුර වුනත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක්
වුනත් පිරෙන්නේ.
බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතු වෙලා, අන්තිමේ දී ජීවිතය පිනෙන් ම පිරිලා යනවා.
තෙරුවන් සරණයි!
ධම්ම පදය සහ චක්කවත්තී සීහනාද සූත්‍රය ඇසුරින්
- ලක්මිණ දිසානයක
බෞද්ධ ආර්ථික දර්ශනය | buddhist economic philosophy
(දිවයින පුවත්පත ඇසුරිනි )
සෑම බෞද්ධයකුගේම අපේක්ෂාව මේ අනන්ත වූ සසර ගමනේ කෙළවර නිවන් සුව අත් කර ගැනීමයි. ඒ සඳහා ඉපදෙමින්, මැරෙමින් සසරේ දිගු ගමනක් යා යුතුය. මේ අප ගත කරමින් සිටින්නේ එම සසර ගමනේ එක් භවයක් පමණය. එසේ නම් නිවන දක්වා සමාජගත පුද්ගලයාට ගමන් කිරීමට විමුක්ති මාර්ගයක් තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව (බෞද්ධ ආර්ථික දර්ශනය) පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් එම බෞද්ධ විමුක්ති මාර්ගය ද වඩාත් අර්ථවත් කර ගත හැකිය. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ආර්ථික විද්‍යාඥයකුගේ කාර්යභාර ඉටු කිරීමට නොවුනත් බුද්ධ දේශනාව තුළ අන්තර්ගත ආර්ථිකමය වශයෙන් වැදගත් අදහස් රාශියක් තිබේ. බුදු දහමේ ආර්ථික විද්‍යාව ලෙස අප හඳුනා ගන්නේ බුදුන් වදාළ ධර්මයේ නොයෙක් තැන්හි අන්තර්ගත මෙම ආර්ථික දැනුම් සම්භාරයයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ බුදු දහමේ ආර්ථික විද්‍යාව, සංසාර ගමනට හා නිවනට ද සම්බන්ධ වන බවයි. ඒ ගැන සහ කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් විසින් වත්මන් සමාජ, ආර්ථික වටපිටාව ගැන කරන විග්රහයකට මෙවර ආර්ථික ඇසින් තීරුව වෙන් වේ.
සසරේ භවයෙන් භවයට ගමන් කරන දිගු කාලීන බෞද්ධ විමුක්ති මාර්ගයේ එක් භවයකට අදාළව අනුගමනය කළ හැකි ආර්ථික වැඩපිළිවෙළක් තිබේ. බුදුරජාණන් වහන්සේගේ නොයෙකුත් සුත්‍ර දේශනා තුළින් මේ වැඩපිළිවෙළ අපට හඳුනා ගත හැකිය. එහෙත් බටහිර ආර්ථික විද්‍යාව එබඳු සංකීර්ණ හෝ පුළුල් පරාසයක් කරා දිවෙන හෝ විග්‍රහයක් නොවේ. බුදු දහම වූ කලී ප්රත්යක්ෂ ඥානයකි. එහෙත් ආර්ථික විද්‍යාව එවැන්නක් නොවේ. ඒ නිසා බටහිර ආර්ථික විද්‍යාවේ දැනුම් සම්භාරය, බුදු දහමේ ආර්ථික විද්‍යාවට වඩා සාපේක්ෂව පටු වූවකි. අප විග්රහ කරන සංසාර ගමනට හෝ විමුක්තියට (නිවනට) එහි ඇති සම්බන්ධයක් නැත. මේ නිසා ඇතැම් විට බටහිර ආර්ථික විද්‍යාව අනුව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට මෙන්ම රටකටත් ආර්ථිකමය වශයෙන් සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකි බව සැබෑය. එහෙත් පුද්ගලයන් වශයෙන් ෙච්තනාන්විතව කරන ක්‍රියා හේතුවෙන් හොඳ, නරක කර්ම රැස් වේ. ඒ තුළ මේ භවයේම ජීවත්ව සිටින ඉදිරි කාලයටත් අනාගත භවයන්ටත් එම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ඇති වේ. එම ප්‍රතිඵල ආර්ථිකමය වශයෙන් අයහපත් ප්‍රතිඵල ද වන්නට පුළුවන. නිදසුනක් ලෙස ආර්ථිකමය වශයෙන් සශ්‍රීක නොවන පරිහානි කාලයක උපතක් ලැබීමෙන් ඇතැම් විට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත්හේත් වැනි මූලික මිනිස් අවශ්‍යතාවන් පවා සපුරා ගත නොහැකි තත්ත්වයක් සමාජගත පුද්ගලයාට ඇති විය හැකිය.
ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැනි කරුණු මෙන්ම බටහිර ආර්ථික විද්‍යාව තුළ තවත් කවර න්‍යායයන් සංවර්ධනය කර තිබුණත්, ඒවා අප උපරිම කාර්යක්ෂමතාවයෙන් අනුගමනය කළත්, පුද්ගලයාට සිය කර්ම බලපෑම්වල ප්‍රතිඵල යටපත් කර ගන්නට නොහැකි වෙයි. හේතුව නම් එම ආර්ථික කළමනාකරණය, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව හෝ බටහිර ආර්ථික විද්‍යාව තුළ ඇති සියලු න්‍යායයන් අභිබවා යමින් පුද්ගලයාගේ අතීත කර්මයන්ගේ හොඳ නරක ප්‍රතිඵල නැඟී සිටීමයි. මේ සමගම සටහන් කළ යුතු වන්නේ සංවර්ධිත යෑයි කියන රටවල ඇතැයි කියන ආර්ථික කළමනාකරණය සහ ඵලදායිතාව අපට නැතිවාට, බුදු දහමේ ඇති දැනුම තුළ මේ සියල්ල අන්තර්ගතව පවතින බවයි. අප කළ යුතුව ඇත්තේ ඒ දැනුමින් වැඩ ගැනීමයි. නිදසුනක් ලෙස ව්‍යග්ගපඡ්ජ සූත්‍රයේ ව්‍යාපාරයක මෙන්ම පුද්ගලයකුගේත්, සමාජයකත් එනම් සාර්ව අර්ථයකින් රටකටත් අවශ්‍ය වන වැදගත් කළමනාකාරීත්ව දර්ශනයක් අන්තර්ගතව තිබේ. මෙහි එක් කරුණකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අඩු පරිශ්‍රමයකින් සහ අඩු වියදමකින් වැඩි ඵලදායිත්වයක් ලැබෙන පරිදි කටයුතු කිරීම ගැන උපායශිලී වීම හා විමංසනශීලී වීම අත්‍යවශ්‍ය බවයි.
බෞද්ධ දර්ශනය තුළ අප දන්නා දෙයක් නම් අපගේ විCඳ්C¹ණය (ජීවය භවයෙන් භවයට ගමන් කරවන මානසික ශක්ති දහරාව) තුළ අපගේ අතීත කර්මයන්ගේ ප්‍රතිඵල ලබාදෙන කර්ම ශක්තිය ද අන්තර්ගතව තිබෙන බවයි. පුද්ගලයා මුහුණ දෙන සියලු දේවලින් සියයට 20 ක සම්භාවිතාවක් (නියාම ධර්ම සංකල්පය අනුව) කර්මයට තිබේ. ඒ නිසා අපි එම කර්ම ප්රතිඵලවල හිමිකරුවෝ වෙමු. ඒ අනුව අනාගත තත්ත්වය නම් (මේ භවයේ ඉදිරි කාලය සහ අනාගත භවයන්) වර්තමානයේ පුද්ගලයා කරන ක්‍රියාවන් තුළින් ඔහු, ඔහුට අනාගතයේදී හොඳ නරක ප්‍රතිඵල අත්කර දෙන (කර්ම) ශක්තිය ඔහුගේ විCඳ්C¹නය තුළ රැස් කර ගන්නා බවයි.
ආර්ථික විද්‍යාවේ පදනම හිඟකමයි. මෙහිදී හිඟකම ලෙස අදහස් කරන්නේ මිනිස් අවශ්‍යතාවලට සාපේක්ෂව සම්පත්වල පවත්නා සීමිත භාවයයි. මිනිස් අවශ්‍යතාවල ස්වභාවය වන්නේ අසීමිත බවයි. මෙම මිනිස් අවශ්‍යතා අසීමිත වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මිනිස් සිතෙහි පවතින අතෘප්තිකර ස්වභාවයයි. ඒ නිසා සමාජ ක්‍රමයක් තුළ පවතින සීමිත සම්පත් මිනිසුන්ගේ අසීමිත තරඟකාරී විකල්ප වුවමනා රාශියක් අතර උපරිම කාර්යක්ෂම ලෙස බෙදාහැරීම සඳහා ලෝකයට ආර්ථික විද්‍යාව අවශ්‍ය කර තිබේ.
මේ අනුව තෘෂ්ණාව නිසා ලෝකයට ආර්ථික විද්‍යාවක් අවශ්‍ය කර තිබෙන බව පැහැදිලිය. මෙහිදී ආර්ථික විද්‍යාවෙන් මිනිසාගේ අසීමිත වුවමනාවලට බලපෑමක් නොකර, පවතින හිඟ සම්පත් ඒ අසීමිත වුවමනා අතර වඩාත් කාර්යක්ෂමව බෙදා හැරීම ගැන පමණක් කතා කරයි. එහෙත් බුදු දහමින් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ගැන පමණක් නොව, අසීමිත අවශ්‍යතා සීමා කර ගැනීම යන කාරණා දෙකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. මේ නිසා බුදු දහම තුළින් හිඟකමේ ප්‍රශ්නයට, තේරීමේ ගැටලුවට සාර්ථක පිළියමක් ලැබේ. එනම් අල්පේච්ඡතාව තුළින් අවශ්‍යතා සංතෘප්තිය යම් ශික්ෂණයකට ලක් කිරීමෙනි. මෙය රටක් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න විස¹ ගැනීම මෙන්ම සාර්ව ආර්ථික කළමනාකරණය ද වඩාත් පහසු කරයි. මේ තුළ බෞද්ධ ආර්ථික විද්‍යාව එක් භවයකටත්, භවයෙන් භවයට යන සංසාර ගමන තුළින් එහි කෙළවර නිවන දක්වාත් විසංවාදී නොවන ආර්ථික වැඩපිළිවෙළක් තුළ ආර්ථිකමය සහ ආර්ථිකමය නොවන ප්‍රතිඵල අත්පත් කර දෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා බුදු දහමේ ආර්ථික විද්‍යාව පුද්ගල ජීවිතය තුළ අනුගමනය කිරීමෙන් කුසල් රැස්වන නිසාත්, අකුසල් දුරු වන නිසාත් නිවනට සමීප වීමක් ද සිදු වේ.
අද පවතින විනාශකාරී සමාජ පරිසරයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස දිවීමයි
වර්තමානයේ බොහෝ ප්‍රශ්නවලට ප්‍රධානතම හේතුව අපේ මූලික අවශ්‍යතා ඉටු නොවීමම නොවෙයි. දැන් භික්ෂුන් වහන්සේලාට නම් සිවුපසය තියෙනවා. අද තියෙන සමාජ ප්‍රශ්න බොහොමයකට මුල ඔය මූලික දේවල් එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් සහ නිවාස වැනි මූලික අවශ්‍යතා නැතිකමම නොවෙයි. එයට හේතුව මිනිසා අසීමිත ආශාවන් පසුපස ගමන් කිරීමයි. ඉතා ඉක්මණින් තමන්ට බොහෝ දේවල් එක්කාසු කර ගැනීමට තියන කෑදරකම, ගිජුකම නිසා තමයි මේ සමාජ විනාශකාරී ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන්නේ. සමාජය විනාශයකට ගමන් කරමින් තිබෙන්නේ. අර බුදු දහමේ කියන සරල බව, මැඳුම් පිළිවෙත අනුව කටයුතු කිරීම සහ සැහැල්ලු ගති පැවතුම් යනාදිය නැතිකම නිසයි. ඒ නිසා බුදුÊදහමේ උගන්වන මූලික අදහස වන මැඳුම් පිළිවෙත හරහා ගමන් කරනව නම් තෘප්තිමත්ව ඉන්නව නම්, (ලද දෙයින් සතුටු වීම) සමාජගත පුද්ගලයාගේ ආර්ථික ප්‍රශ්න බොහොමයක් සමනය වෙනවා. මේ අදහස් කරන්නෙ සියලුම දේම අතහැරල වනගත වීමක් ගැන නෙවෙයි. ඒ නිසා තෘෂ්ණාව අධික කමින්, ඉතා ඉක්මනින් බොහෝ දේ රැස්කර ගැනීම සඳහා අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, විවිධාකාර සමාජ හිංසා සහ සමාජ විරෝධී ක්‍රියා සිදු කිරීම යනාදියෙන් වැළකී සිටිමින් ලද දෙයින් සතුටු වී, බුදු දහමේ පෙන්වන සරල ජීවිතයට අප යොමු විය යුතුයි. දැන් පැරණි සමාජය තරගෙට ගෙවල් හැදුවෙ නෑ. තරගෙට ඇඳුම් ඇන්දෙ නෑ. තරගෙට ආභරණ ගත්තෙ නෑ. ඉතා ක්ෂණිකව සමාජ තරගයක් තුළ අනවශ්‍ය පරිදි සම්පත් රැස්කර ගැනීමට සහ ඒවා භුක්ති විඳීමට යැම නිසයි අද මේ විනාශකාරී සමාජ පරිසරය ඇතිවෙලා තියෙන්නේ.
මේ තුළ වර්තමානයේ අපට බොහෝ විට අහන්නට දකින්නට ලැබෙන්නේ සිත කළකිරවන්නා වූ සිද්ධීන්. මේ සිද්ධීන් ගැන අපි විවිධ තලයන්වල කතා කරනවා. අන්තිමට ඒ සඳහා යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් හොඳයි කියන අදහසුත් පවතිනවා. නමුත් ස්ථිර මට්ටමේ තිරසාර පදනමක් සහිත ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක වීමක් දකින්නට පුළුවන්කමක් නෑ. මේ අහිතකර සමාජ පරිසරය එක්වරටම මතු වූවා නොවෙයි. මෙය කාලයක් තිස්සේ සමාජ පරිණාමයේදී අප නොසලකා හරින ලද විවිධ හේතූන් නිසා ඇති වූ අනපේක්ෂිත සහ බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාකයි. මේවා ටික ටික ඇතිවන විට, අප ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තෙත් නෑ. ඒ ගැන හිතුවෙත් නෑ. දැන් වුණත් ඒ සඳහා දිගු කාලීන දැක්මක් සහිත ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නෑ. බෞද්ධ හා බෞද්ධ නොවන සමාජයේ හැම දෙනාම අද මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඉදිරියේදී සමාජය හදා ගැනීමට නම් වර්තමානයේ ඒ සඳහා අප ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙය ප්‍රධාන වශයෙන් ම ආරම්භ කළ යුත්තේ නිවසින්. පවුලින්. අතීත සමාජයේ ළමයින් හා වැඩිහිටියන් අතර ඉතා සමීප ගුණගරුක සම්බන්ධයක් තිබුණා. අද දෙමව්පියන් බොහෝ විට උත්සාහ කරන්නේ ළමයින්ට වැඩිපුර අධ්‍යාපනය දෙන්නයි. ළමයින්ගෙ ගුණගරුක බව ගැන එතරම් අවධානයක් නැහැ. ශිෂ්ඨ සම්පන්න ලෝකයේ පිළිගත්ත චර්යා රටාවන් සමූහයක් තියෙනවනෙ. අඩුම තරමින් අපි මේ චර්යා රටාවන් ටිකවත් ළමයින්ට කියල දෙන්නෙ නැහැ. මේ නිසා සමාජය අගාධය කරා ගමන් කරමින් සිටිනවා. මේ තත්ත්වය වැඩිවෙනවා මිස අඩු වීමක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. අප කාටත් පිළිගත හැකි යහපත් චර්යා රටාවන් ළමයින්ට ගෙදරදීම කියල දෙන්න ඕන. මේ සඳහා මම අත්පොතක් යෝජනා කරනවා. ඒ අත්පොත ළමයින්ට නොව දෙමාපියන්ටයි. එහි ශිෂ්ඨ සම්පන්න සමාජයක වගකීමක් සහිත පුද්ගලයකු හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන මඟ පෙන්වීමක් ඇතුළත් කළ යුතුයි. ළමයෙක් පාසලකට ඇතුළත් කර ගැනීමේදී ඒ අත්පොතේ සඳහන් කාරණා ළමයින්ට උගන්වල තියෙනවද කියන එක අනිවාර්යයෙන් බලන්න ඕන. මේ අයුරින් සමස්ත සමාජයට හානියක් නොවන, ගුණ ගරුක පුරවැසියෙක් බිහි කිරීම මෙහි මූලික අරමුණයි. සම්බුදු තෙමඟුල සමරන මෙවැනි මොහොතක මේ සඳහා අපි අධිෂ්ඨාන කළ යුතුයි. එවැනි පුද්ගලයන් අධික තෘෂ්ණාවෙන් තමන්ට අවශ්‍ය දේ රැස්කර ගැනීම සඳහා සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන්නේ නැහැ.
දිවයින පුවත් පතෙනි
කොළඹ හැඩකරන දැවැන්තයෝ | New buildings coming up in Colombo
Ocean View Residencies
ස්ථානය :කොළඹ 3
ගොඩනැගිල්ලේ වර්ගය :සුඛෝපභෝගී නිවාස සංකීර්ණය
අයිතිය :Accor Developers (India)
තට්ටු ප්‍රමාණය :47
නිවාස ඒකක :350
Shangri-La Colombo
ස්ථානය :ගාලු මුව දොර
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Shangri-La Hotels and Resorts
තට්ටු ප්‍රමාණය :30
ආරම්භ කිරීමට නියමිත කාලය :2015
Ndocean Tower
ස්ථානය :බෙරේ වැව අභියස
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී නිවාස සංකීර්ණය / සාප්පු සංකීර්ණය
අයිතිය :Indocean Developers (Pvt) Ltd
තට්ටු ප්‍රමාණය :68
ඒකක :400
ඇස්තමේන්තු ආයෝජනය : බිලියන 8
ආරම්භ කිරීමට නියමිත කාලය :2016
Krrish Square
ස්ථානය :කොළඹ කොටුව
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී නිවාස සංකීර්ණය / සාප්පු සංකීර්ණය /කාර්යාල සංකීර්ණය /සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Krrish Group, India
තට්ටු ප්‍රමාණය :84
කුළුණු ගණන : 4 (කුළුණ 1 : තට්ටු 80 , කුළුණ 2/3 : තට්ටු 55, කුළුණ 4 : තට්ටු 85 )
ආරම්භ කිරීමට නියමිත කාලය :2016
Dawson Grand Towers
ස්ථානය :බෞද්ධාලෝක මාවත කොළඹ 7
ගොඩනැගිල්ලේ වර්ගය :සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Keangnam
තට්ටු ප්‍රමාණය :42
කුළුණු ගණන : 2 (කුළුණ 1 : තට්ටු 38 , කුළුණ 2 :42)
ඒකක :172
Lotus Tower
ස්ථානය :බෙරේ වැව අභියස
ගොඩනැගිල්ලේ වර්ගය : සන්නිවේදන කුලුණ
අයිතිය :ලාංකා ජනරජය
උස :මීටර 350
Lotus Pond Theatre
ස්ථානය : විහාර මහා දෙවි උද්‍යානය අසල ,කොළඹ 7
ගොඩනැගිල්ලේ වර්ගය : රඟහල
අයිතිය :ලාංකා ජනරජය
Havlock City
ස්ථානය :කොළඹ5
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී නිවාස සංකීර්ණය / සාප්පු සංකීර්ණය /කාර්යාල සංකීර්ණය
අයිතිය :Mireka Capital Land
කුළුණු ගණන : 10) කුළුණ 1 - තට්ටු 22 ,කුළුණ - තට්ටු 22 ,කුළුණ 3 - තට්ටු 22 ,කුළුණ 4 - තට්ටු 22 ,කුළුණ 5 - තට්ටු 27 ,කුළුණ 6 -තට්ටු 27 ,කුළුණ 7 -තට්ටු 29 ,කුළුණ 8 - තට්ටු 29 ,කුළුණ 9 - තට්ටු ?? ,කුළුණ 10 - තට්ටු ?? )
Hyatt Regency Colombo
ස්ථානය :ගාලු මුව දොර අසල
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Sinolanka Hotels & Spa (Pvt) Ltd
තට්ටු ප්‍රමාණය :45
ඔබ ආවේ කොතනින්ද? ඔබ යන්නේ කොතනටද? | Where you are from , Where are you heading?
නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!…!!!.
බලන්නහු ගේ ඇසට සැබෑ සුවයක් වන, අසන්නහු ගේ කනට මහා මිහිරක් වන, සිතන්නහු ගේ සිතට අමා ගඟුලක් වන, වඳින්නහුගේ වන්දනාවට නොවරදින අරුතක් වන, පිහිට කොට ගත්තහුට නිවන් දොර විවර වන ගුණයෙන් අචින්ත්‍ය වූ අප්‍රමාණ වූ, අසම වූ, අසම සම වූ, අප්‍රමේය වූ මගේ ශාස්තෘ වූ දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය බැවින්ම, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසන්නට පින් කල නිසාම අනන්ත වූ අසරණයන් අතරෙහි ඔබත් මමත් වාසනාවන්තයෝ වෙමු. මැරෙන උපදින අඳුරු සසරක ඝෝර වූ සතර අපා දුකට නිරන්තර උරුම කරුවන් වී එන්නේ කොහෙන්ද, යන්නේ කොහේදැයි නොදැන අසරණ ව සිටි සත්ත්ව වර්ගයාට මග කියූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව ලැබ සැනහෙන්නට ඔබට මට ඇති අති දුලභ වූ වාසනාව අතහැර අධර්මයේ මාර ධර්මයන්ට යටත්ව සසරෙහි අතරමං වන්නට සුදුසුද? දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මහා කල්ප ගණනින් ආයු ප්‍රභා බල ඇති මහා බ්‍රහ්මයන් සහිත අනන්ත අප්‍රමාණ සක්වලයන්හි ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් තබා තමන් වහන්සේට සම වූවකු හෝ නැති, තුන් ලොවට ජ්‍යෙෂ්ඨ වූ, ශ්‍රේෂ්ට වූ, අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප කෙරෙහි කරුණාවෙන් යම් ශීල සමාධි ප්‍රඥා සහිත ශික්ෂණයක් දේශනා කරන ලද්දේද, එමග අතහැර අන් මගක පිහිට ගන්නට ඔබ අප සිතන්නේද? නැත. අපි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන්ද, වීර්ය සහිතව පිහිටුවා ගන්නා ලද ශීල ප්‍රතිපදාවෙන්ද, මහත් ධර්ම ගරුත්වයෙන්ද සවිමත්ව දහම් මග යමු.
පසුගිය පොහෝ දින කිහිපයක ලිපි වලින් අප අරමුණු කරන ලද්දේ තිසරණයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමට උපකාර වන කරුණු දැක්වීමයි. ශ්‍රද්ධාව ශාසන ප්‍රතිපදාවෙහි බීජයයි. ශ්‍රද්ධාව බෞද්ධයාගේ මූල ධනයයි. පසැස් ඇති දසබලධාරී වූ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ කෙරෙහි පැහැදීමෙන්, නොයෙක් අයුරින් ඒ අනන්ත ගුණයන් අසා කියවා ලියා සාකච්ඡා කිරීමෙන් ශ්‍රද්ධා ධනය දියුණු කරලීමට අපට හැකිය. භාග්‍යවතුන් වහන්සේ ගේ ස්වාක්ඛාත වූ ධර්ම රත්නය කෙරෙහි මහත් වූ ගෞරවයෙන්, කන්යොමා ඒ අසා ධරා වචනයෙන් පුරුදු පුහුණු කොට නුවණින් විමසා ප්‍රතිපත්තියට නැගීමට අපි උත්සුක විය යුතුය. මෙම ලිපියේ පටන් උතුම් වූ තිසරණයට පැමිණි ඔබ, තිසරණයෙහි පිහිටි ඔබ, ශ්‍රද්ධාව මතුකර ගත් ඔබ ඒ උතුම් වූ ශ්‍රද්ධාව සහිතවම, ශ්රද්ධාවන්ත වෙමින්ම ශීලයෙහිද පිහිටීම පිළිබඳව, සිල්වත් වීම පිළිබඳව සාකච්ඡා කරමු.
මරණින් මතු ඔබේත් මගේත් භවය තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් අපගේ ශීලයයි. කයින්, වචනයෙන්, මනසින් සුචරිතයෙහි හැසිරීමෙන් සුගතියෙහි ඉපදීමත් දුශ්චරිතයෙහි හැසිරීමෙන් දුගතියෙහි වැටීමත් පිලිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අතිශය විශ්මයාවහ අතිශය මනරම් දේශනාවන් බොහෝ ගණනක් උතුම් වූ ත්‍රිපිටකය පුරා දකින්නට තිබේ.
භාග්‍යවතුන් වහන්සේ වනාහි ස්වකීය ඥානයෙන් භවයෙහි ඒ ඒ ගති උත්පත්ති දන්නා සේක. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයන්, දෙවියන් යන ගති පහක් භාග්‍යවතුන් වහන්සේ පණවන(දක්වන) සේක. මේ මේ ගති විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය දක්වන රමණීය උපමා පහක් උතුම් වූ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට කරන ලද මහා සීහනාද සූත්‍රයෙහි (මජ්ඣිම නිකායෙහි) දක්නට ලැබේ. පෙර ලිපියෙහිද සාකච්ඡා කරන ලද පරිදි මජ්ඣිම නිකාය මහා සීහනාද සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි ශ්රද්ධාවට පැමිණීමට මහෝපකාරී වන, කියවීමෙන් දැරීමෙන් මහත් කුසල් සිදුකර ගත හැකි උත්තම සූත්‍ර දේශනාවකි.
මහා සීහනාද සූත්‍රය -මජ්ඣිම නිකාය, මූල පණ්නාසකය (සූත්‍රයෙහි සුගති දුගති පිලිබඳ දේශනා කොටස මෙහි දක්වනු ලැබේ.)මෙසේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගති දන්නා දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ඥානය නොවන්නට මේ විශ්වයෙහි, අනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදිමින් මැරෙමින් ගමන් කරන අනේකවිධ සත්ත්වයන් සත්ත්ව ප්‍රජාවන් ගැන අපට දැන ගන්නට තබා සිතන්නට වත් අවස්ථාවක් නොලැබෙන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ “ලෝකවිදූ” ගුණයට ඒකාන්ත සාක්ෂි සපයන ලෝකය සහ සක්වල පිළිබඳවත් ලෝකධාතූන්හි හටගැනීම පැවැත්ම විනාශය පිළිබඳවත් කල්ප විනාශය ආදිය පිළිබඳවත් විශ්මය දනවන දේශනාවන් ශ්‍රී සද්ධර්මයෙහි එයි. ශීල ප්‍රතිපදාව පිළිබඳවත් දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳවත් උනන්දු කරවීමේ අරමුණ සහිතව ඉදිරියට ලියවෙන ලිපි කිහිපය සඳහා පසුබිම සකස් කිරීමක් ලෙස ලෝක ධාතුන් පිළිබඳව, ලෝකධාතුවක ඒ ඒ සත්ත්ව භූමි, ආයුෂ සහ ස්වභාවය පිළිබඳව කරුණු දැක්වීමක් මෙහි සිදු කරනු ලැබේ. බොහෝ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කල හැකි සහ කල යුතු දහම් කරුණු ඇති විෂයක් වන නිසා මෙහි අපට අපේ ශක්ති පමණින් සැකෙවින් කල හැකි මග පෙන්වීමක් පමණක් කරනු ලැබේ. උතුම් වූ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සහ උතුම් වූ සද්ධර්මයේ අටුවාව කියවා වැඩි දුර කරුණු විමසා බැලීමට පින් කැමති සැඳැහැවත්හු උත්සුක වෙත්වා!!!
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
සාරිපුත්තය, මේ ගති පසකි. කවර නම් පහක්ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය. සාරිපුත්තය, මම නිරයත් දනිමි. නිරය ගාමිණි මාර්ගයත් දනිමි. නිරය ගාමිණි ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සැපයෙන පහ වූ දුකටම ස්ථාන වූ නිරයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම තිරිසන් යෝනියත් දනිමි. තිරිසන් යෝනියට යන මාර්ගයත් දනිමි. තිරිසන් යෝනියට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ප්‍රේත විෂයයත් දනිමි. ප්‍රේත විෂයට යන මාර්ගයත් දනිමි. ප්‍රේත විෂයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු ප්‍රේතව උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම මනුෂ්‍යයන් දනිමි. මිනිසත්බවට යන මාර්ගයත් දනිමි. මනුෂ්‍ය ලෝකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම දෙවියන්ද, දෙව්ලොවට යන මාර්ගය දනිමි දෙව්ලොව උපදින ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් මරණින් මතු සුගති වූ ස්වර්ගයෙහි උපදීද එයද දනිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක් ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, ගිනිගෙන දැවුණු, අළු නැති දුම් නැති ශරීර ප්‍රමාණයට වැඩි මහත් ගිනි අඟුරු වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අඟුරු වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අඟුරු වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ගිනි අඟුරු වලට වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ, දුගතිය වූ, විවසව පතිත වන, නිරයෙහි යම් සේ උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති ඒකාන්ත දුක් ඇති තියුණු වූ රළු වූ වේදනා විඳින නිරයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, අසූචියෙන් පිරුණු ශරීර ප්‍රමාණයට වැඩි අසූචි වලක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජාල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ එම මහත් වූ ගිනි අඟුරු වල වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ අසූචි වල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ අසූචි වලටම ඊටම වැටී ඇති මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ අසූචි වලට වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ තිරිසන් යෝනියෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින් මියගොස් මහත් දුක් ඇති තිරිසන් යෝනියෙහි උපන් රළු වූ කටුක වූ දුක් වේදනා ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ විෂම භූමියක හටගත්, ඉතා තුනී පත්‍ර ඇති, සෙවන නැති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ වැටී හෝ සිටින වැටී දුක් විඳින රළු වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ප්‍රේත විෂයෙහි උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් බහුල වූ දුක් වේදනා විඳින ප්‍රේත විෂයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ සම වූ සරුවූ භූමියක හටගත්, මනාව වැඩුණු පත්‍ර ඇති, මනා සෙවන ඇති, ගසක් වේද, ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ වෘක්ෂය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ වෘක්ෂය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ වෘක්ෂය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ වෘක්ෂය වෙත පැමිණ හිඳගෙන හෝ නිදා හෝ සිටින සැප වේදනා විඳින ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ මනුෂ්‍යය වී උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් සැප බහුල වූ සැප වේදනා විඳින මනුෂ්‍යව උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, යම් සේ ප්‍රාසාදයක් වේද, එහි ඇතුලත පිටත මනාව වැසූ අගුලු දැමූ, සිහිල් වාතය ඇති, මෘදු පලසින් කරන ලද බුමුතුරුණු පලස් උඩු වියන් ඇති පළඟක් (ආසනයක් හෝ සයනයක්) ඇති මහත් සුවපහසු කුටියක්ද වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ ප්‍රාසාදය වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ ප්‍රාසාදය උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ ප්‍රාසාදය වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ ප්‍රාසාදය වෙත පැමිණ ඒ පළඟෙහි සැප ඇතිව හිඳින හෝ නිදන ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. කය බිඳීමෙන් මරණින් මතු යම්සේ ස්වර්ගයෙහි (දිව්‍ය/බ්‍රහ්ම තල) උපදින්නේද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක මිනිස් ඇස ඉක්මවූ පිරිසිඳු දිවැසින්, කය බිඳීමෙන් මියගොස් ඒකාන්ත සැප ඇති, සුගති නම වූ ස්වර්ගයෙහි උපන් මහත් වූ ඒකාන්ත වූ සැප වේදනා විඳින ස්වර්ගයෙහි උපන් ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, පහන් (පැහැදිලි) දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල දිය ඇති, සුදු වැලි තලා ඇති, මනාව පිහිටි තොට (දියට බැසීමට නිසි තොටුපල) ඇති සිත්කළු පොකුණක් වේද, ඊට නොදුරු ඝන වන ලැහැබක් වේද, එකල්හි ග්‍රීශ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පිපාසයෙන් පීඩිතව දුර්වල වූ ජල තෘෂ්ණාවෙන් යුත් පුද්ගලයෙක් යම් සේ ඒ පොකුණ වෙතම වෙතම, ඊටම යොමු වී ඇති එකම මාර්ගයෙන්, ඒ විල උදෙසාම එන්නේද, එකල්හි ඒ පුරුෂයා දකින යම් ඇස් ඇති පුරුෂයෙක්, “මොහු මේ පොකුණ වෙතම, ඊටම වැටී ඇති එකම මාර්ගයෙන් එන්නේය”යි කියන්නේද, පසුව ඒ පොකුණ වෙත පැමිණ, පොකුණට බැස, සිහිල් දිය ස්නානය කොට, පැන් බී, සියලු වෙහෙස පවසා නිවා, දාහය සංසිඳවා විඩාව දැවිලි සංසිඳවා, වන ලැහැබෙහි සුවසේ හිඳින හෝ නිදන ඒකාන්ත සුවයට පත් ඒ පුරුෂයා දකින්නේය. එසේම, සාරිපුත්තය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. යම් සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද, මේ පුද්ගල තෙමේ ඒ ආකාරයෙන් පිළිපදී. ඉරියවු පවත්වයි. ක්‍රියා කරයි. සාරිපුත්තය පසු කලෙක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද (අරහත් ඵල සමාධියද, අරහත් ඵල ප්‍රඥාවද ) මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ ඊකාන්ත සැපයෙන වාසය කරන ඒ පුද්ගලයා දකිමි.
සාරිපුත්තය, මම ගති නිස්සරණය නම් වූ නිවනද දනිමි. නිවනට යන මාර්ගයත් දනිමි. නිවනට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිලිපදින්නෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිරාශ්රව වූ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයිද එයත් දනිමි.
භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය
චූලනිකා සූත්‍රය(සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, තික නිපාතය, දෙවන පණ්ණාසකය, ආනන්ද වර්ගය, දස වන සූත්‍රය
උතුම් වූ ධර්ම භාණ්ඩාගාරික වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘතිමතුන් අතරින් අග්‍ර වූද, භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසන සේක.
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් ඔබවහන්සේ හමුයෙහි මෙසේ අසා ඇත්තෙමි. කෙසේද යත්, භාග්‍යවත් අරහත් “සිඛී” සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ “අභිභූ” මහරහතන් වහන්සේ විසින් “සහශ්‍රී” ලෝක ධාතුවට ඇසෙන සේ සිංහනාද කරන ලද බවයි (අභිභූ මහවහන්සේ විසින් සහශ්‍රී ලෝක ධාතුවට ඇසෙන සේ “ආරභථ,යුඤජථ,නික්ඛමථ බුද්ධ ශසනෙ ” යන මහා දහම් ඝෝෂාව සිදු කරන ලදී.). වහන්ස, අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේට කොපමණ දුරට විශ්වයෙහි/ලෝක ධාතූන්හි දහම් ඝෝෂාව කල හැකි වේද?
එවිට භාග්‍යවතුන් වහන්සේ,
ආනන්දය “අභිභූ” වනාහි ශ්‍රාවකයෙකි. තථාගතයෝ වනාහි අපරිමේය, ප්‍රමාණ රහිත වෙති.” යි දේශනා කරන සේක. දෙවනුවද ආනන්ද තෙරුන් විසින් විමසන ලදුව භාග්‍යවතුන් වහන්සේ පෙර පිළිතුරම දේශනා සේක.
තෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙම පැනය විමසන කල්හි භාග්‍යවතුන් වහන්සේ,
“ආනන්දය, තොප දහසක් සක්වලයන් සහිත “චූලනිකා ලෝක ධාතුව” අසා තිබේද? යි විමසන සේක.
ආනන්ද තෙරුන් වහන්සේ,
භාග්‍යවතුන් වහන්ස, යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්ද, ඒ ලෙසින්ම භික්ෂූන් අසා දරන්නාහ. භාග්‍යවතුන් වහන්ස දේශනා කරනු මැනවි. භාග්‍යවතුන් වහන්ස සිංහනාද කරනු මැනවි. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සිංහහනාදයට කාලයයි.
භාග්‍යවතුන් වහන්සේ:
ආනන්දය එසේ වී නම් අසව,
හිරුද සඳුද, යම් තාක් දුර ගමන් කරමින් දිශාවන් බබලවයිද, ඒතාක් අවකාශය “සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. ඒ ලෝක ධාතුයෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. මහා මේරු පර්වත දහසක් ඇත. දඹදිව් දහසක් ඇත. අපර ගොයාන දහසක් ඇත. උතුරු කුරු දිවයින් දහසක් ඇත. පූර්ව විදේහ දහසක් ඇත. (මේ බෞද්ධ ක්‍රමය අනුව පෘථිවියේ ඇති මහාද්වීප සතරයි- ඒ අනුව මින් දක්වන්නේ අප ලොව වැනි මිනිස් ලෝක දහසක් ඇති බවයි.) මහා සමුද්‍රයෝ හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), මහා රාජ්‍යයන් හාර දහසක් (එක් මිනිස් ලොවක සතර බැගින්), චාතුම්මහාරාජික දහසක්, තව්තිසා දෙව්ලෝ දහසක්, යාම දෙව් ලෝ දහසක්, තුසිත දෙව් ලෝ දහසක්, නිම්මාණරති දහසක්, පරිනිම්මිත වසවත්ති දහසක්, බ්‍රහ්ම ලෝක දහසක් ඇත. ආනන්දය මේ “චූලනිකා සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ.
ආනන්දය,
මෙවන් චූලනිකා සහශ්‍රී ලෝකධාතුව දහසින් ගෙන ගැනීමෙන් (එවන් ලෝක ධාතු දහසක් හෙවත් සක්වල මිලියනයක්/ දශ ලක්ෂයක්) “ද්වී සහශ්‍රී ලෝක ධාතුව ” හෙවත් “මධ්‍යම සහශ්‍රී ලෝක ධාතුව” යයි කියනු ලැබේ. තවද, මෙම මැදුම් සහශ්‍රී ලෝක ධාතුව “සහස්සධා” වශයෙන් ගණනය කිරීමෙන් “ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව” හෙවත් “මහා සහශ්‍රී ලෝක ධාතුව” ලැබේ. දශ ලක්ෂය දහසින් ගණනය කිරීමෙන් “සක්වල කෝටි සියයක්” සහිත ලෝක ධාතුව ලැබිය යුතුය. නමුත් මහා සහශ්‍රී හෙවත් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට “කෝටි ලක්ෂයක් සක්වලයන්” අයත් බව ධර්ම සාහිත්‍යයේ එන මතයකි. උතුම් වූ අටුවාව මෙම ගැටලුව විසඳා තිබේ. බෞද්ධ සංඛ්‍යා ගණන ක්‍රමය අනුව “සහස්සධා” යනුවෙන් ගැනීමේදී අදාළ ගණනය කිරීම සිදු කරන්නේ ද්වී සහශ්‍රී ලෝක ධාතුවට අයත් දශ ලක්ෂයක් සක්වලයන් නැවත දශ ලක්ශයෙන්ම ගුණ කිරීමෙන් බව එහි දක්වා තිබේ. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුවට කෝටි ලක්ෂයක් සක්වලයන් අයත් වන්නේ ඒ අනුවය. [බෞද්ධ සංඛ්‍යා ක්රමයෙහි වර්තමාන ගණිතයේ එන සංඛ්‍යා වල බල ගණනය කිරීම (උදාහරණ-:10000001000000) යෙදුනු බවට යම් යම් සාක්ෂි තිබේ.]
එක් සක්වලක හෙවත් එක් ලෝක ධාතුවක සත්ත්ව භූමි
චූලනිකා ලෝක ධාතුවෙහි සූර්යයන් දහසක් මගින් ආලෝකය පැතිරෙන ගමන් කරන ලෝක ධාතූන් දහසක් ඇති බව ඉහත සූත්‍ර දේශනාව අනුව ඔබට පැහැදිලි විය යුතුය. අපි දැන් ඒ එක් ලෝක ධාතුවක ඇති සත්ත්ව භූමි හෙවත් ලෝක ගැන විමසා බලමු. සැකෙවින් කියන්නේ නම් එවන් ලෝක ධාතුවක එක් මනුෂ්‍ය ලෝකයක්, ඊට ඉහලින් දිව්‍ය තල හයක්, ඊට ඉහලින් රූප සහිත බ්‍රහ්ම ලෝක දහසයක්, අරූප තල හෙවත් අරූප ලෝක සතරක් තිබේ. එම ලෝක 27 සුගති භූමි නොහොත් සැප ඇති සත්ත්ව භූමි වෙයි. මනුෂ්‍ය ලොවට පහලින් ඇත්තේ නිරය හෙවත් සතර අපායයි. අපගේ මනුෂ්‍ය ලෝකයට පහලින් එවන් නිරය භූමි 8ක් පිහිටා තිබේ. නිරය යනු සතර අපායෙන් එක් අපායකි. අනෙකුත් අපාය තුන වන්නේ “තිරිසන් යෝනිය”, “ප්‍රේත විෂය” සහ “අසුර නිකායයි” නමුත් මෙම සත්ත්ව නිකායයන් උදෙසා වෙනමම භූමි හෝ තලයන් පිහිටා නැත. මනුෂ්‍ය ලෝකය සහ ආසන්න දිවය තල ඇසුරෙහි තිරිසන්, අසුර සහ ප්‍රේත යෝනියේ සත්ත්වයන් කර්මානුරූපව පහල වී සිටින බව ධර්මයෙහි එන විස්තරයන්ගෙන් පැහැදිලි වෙයි. ප්‍රධාන නිරය භූමි 8 වටාම සතර දිශාවෙහි සතරක් ලෙස අනු නිරය 16 බැගින් අනු නිරයන් 128ක් පිහිටා තිබේ. ඒ අනුව සියලු නිරය භූමි 136කි. මීට අමතරව සක්වලයන් තුනක් එක් වන තන්හි “ලෝකාන්තරික” නමින්ද තවත් නිරයක් පිහිටා තිබේ. මහා පොළවෙහි ගංගා ආදීය ඇසුරු කරගෙනද සමහර අපාය භූමි පිහිටා තිබෙන බවටද සූත්‍ර දේශනා ඇසුරෙන් මතුවන කරුණු තිබේ.
පළමුව කාම සුගතියට අයත් දිව්‍ය තල හය පිළිබඳව සැකෙවින් විස්තර කරනු ලැබේ.
දෙවියන් පිලිබඳ ඉතා දීර්ඝව සහ නිරවුල්ව බෞද්ධ විග්‍රහයක් සිදු කිරීම කල යුතු සහ කල හැකි කටයුත්තකි. සදෙව් ලෝකය පිලිබඳ එහි ඉපදීම, ඒ ඒ තලයන්හි සැපය, ඒ ඒ දේව නිකායන්ගේ ස්වභාවය විස්තර වශයෙන් සාකච්ඡා කල යුතුය. මෙහි ඉතාම සැකෙවින් හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.
පහත වගුව බලන්න. මෙම වගුව සකසා ඇත්තේ මනුෂ්‍ය ලොව සිට ඒ ඒ තලයන්හි පිහිටීම පහසුවෙන් තේරුම ගත හැකි ආකාරයටය. එනිසා කරුණාකර වගුව පහල සිට ඉහලට කියවන්න.
චාතුම්මහාරාජිකය
මිනිස් ලොවට යොදුන් 42000ක් (යොදුනක් යනු සැතපුම් දහසයකි) ඉහලින් පිහිටා ඇති මිනිස් ලොවට ආසන්නතම දිව්‍ය තලය වන මෙය උතුම් වූ සතර වරම් දිව්‍ය රජ වරුන් මගින් පාලනය වෙයි. එහි පෙරදිග පාලනය ගාන්ධර්වයන්ට අධිපති “ධෘතරාෂ්ඨ වරම් දෙව් රජු” විසින්ද, දකුණු දිශාව කුම්භාණ්ඩයන්ට අධිපති “විරූල්හ” නොහොත් “වීරූඪ නම් වරම් දෙව් රජු” විසින්ද, පැසුණු දිග හෙවත් බටහිර දිශාව නාගයනට අධිපති වූ “විරූපාක්ෂ වරම් දෙව් රජ” විසින්ද, උතුරු දිශාව යක්ෂයන්ට අධිපති වූ කුවේර නොහොත් වෙසමුණි (වෙසවුණු යයිද කියනු ලැබේ.) වරම් දෙව් රජු විසින්ද පාලනය වෙයි. මනුෂ්‍ය ලෝකයෙහි වාසය කරන භූමාටු දෙවියෝද වෙනත් සියලු අමනුෂ්‍යයෝද චාතුර්මහාරාජිකය යටතේ පාලනය වෙත්. දෙවියන් භූම්‍යස්ථ සහ ආකාශස්ථ වශයෙන් බෙදා දක්වන කල්හි චාතුර්මහාරාජිකය ඇතුළු සියලු ඉහල දිව්‍ය තල වල දෙවියන් ආකාශස්ථ දෙවියන් ලෙස සලකනු ලැබේ. වෘක්ෂ දේවතාවන්, පොළොවෙහි ගංගා, ඇලදොළ, සමුද්‍ර වාසස්ථාන, සමහර මනුෂ්‍ය වාස, පින් සහිත සමහර මනුෂ්‍යයන්ගේ නිවාස සහ උපකරණ ආදිය ඇසුරෙහි වන “විමාන” නමින් හැඳින්වෙන මනුෂ්‍ය ඉන්ද්‍රීන්ට ගෝචර නොවන වාසස්ථාන ඇසුරෙහි මෙම භූමාටු දෙවියන් වාසය කරන බවට කරුණු තිබේ. සමහර භූමාටු දෙවියන්ට ධර්මය අසා මගපල ලැබීමට වුවද හැකියාව තිබේ. භූමාටු දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන නිශ්චිත නියමයක් දක්වා නැත. සමහර භූමාටු දෙවියන් දින සතක් වැනි ඉතා කුඩා කාලයක්ද තවත් භූමාටු දෙවියන් කල්පයක් තරම් අති දීර්ඝ කාලයක්ද ආයුෂ ලබන අතර ඒ ඒ කුසල කර්ම විපාකය අනුව ආයුෂ කාලය තීරණය වන බව දත යුතුය. භූමාටු දෙවියන්ගේ දිව්‍ය සැපත චාතුර්මහාරාජික දෙවියන්ට වඩා අඩු වන නමුත් මනුෂ්‍යයන්ට වැඩි කාම සම්පත්තියක් භුක්ති විඳියි. දෙවියන්ගේ උපත සකලාංග පරිපූර්ණය “ඕපපාතිකව” සිදුවන බව සාමාන්‍ය නියමය වන නමුත් භූමාටු දෙවියන් දරුවන් ලබන බවටත්, කුඩා ශරීර සහිතව පහල වන බවටත් ඔවුන් සමහරෙක් පවුල් වශයෙන් ජීවත් වන බවටත් “මෙත්ත සූත්‍ර(කරණීය-මෙත්ත සූත්‍ර)” නිධාන කථාව ආදී කථා අනුව පෙනී යයි.
සතර වරම් දෙව් රජුන් ප්‍රධාන වශයෙන් තවතිසා දෙව් ලොව ආරක්ෂාව පිණිස කටයුතු කරන ආරක්ෂක දෙවියන් ලෙසද කටයුතු කරයි. ඒ ඒ පරිදි සතර දිශාවෙහි සේනා සහිතව තව්තිසා දෙව් තලයට (අසුරයන් ගෙන් විය යුතුය: ධර්ම සාහිත්‍ය විමසා බලන්න) ආරක්ෂාව සැපයීමත්, මනුෂ්‍ය ලොව කටුයුතු, බුදු සසුන පිලිබඳ කටයුතු සහ සිල්වතුන් සහ පින්වතුන් පිලිබඳ ශක්‍ර දෙවියන්ට වාර්තා සැපයීම මොවුන් අතින් සිදු වෙයි. (ලිපිය දික් වන බැවින් විස්තර මෙතෙකින් නවත්වනු ලැබෙයි.) චතුර්මහාරජිකයෙහි දෙවියන්ගේ ආයුෂ මිනිස් ලොව අවුරුදු අනූ ලක්ෂයකි.
(එක් එක් දිව්‍ය තල පිළිබඳව විශේෂ විස්තර දීර්ධ වශයෙන් ලිවීමට එක් ලිපියක් ප්‍රමාණවත් නොවන බැවින් ඊළඟ දිවය තල පිළිබඳව හුදු නම් කිරීමක් පමණක් කරනු ලැබේ. දෙවියන් පිළිබඳව සවිස්තර විශේෂ ලිපි පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.)
තවතිසාව හෙවත් තාවතිංශය
ශක්‍ර දෙව් රජතුමන් සහ එතුමන් යටතේ සිටින දෙවි රජවරුන් තිස්තුන් දෙනෙකුන් මගින් පාලනය වන දෙව්තලයකි. සක් දෙවිඳුන් “දෙදෙව් ලොවට අධිපති” යයි කියන්නේ එතුමන් චාතුර්මහාරාජිකය සහ තව්තිසාව යන දිව්‍ය තල දෙකෙහිම අධිපති බව දරන බැවිනි.
යාමය
දුකින් පහ වූ ස්ථානය යන අරුතින් යාමය නම දරන මෙම දිව්‍ය තලය තුන්වන දිව්‍ය තලයයි.
තුසිතය
අතිශය ප්‍රමොදයෙන් ප්‍රීතියෙන් සතුටින් වාසය කරන දෙවියන්ගේ භූමිය යන අරුතින් “තුසිත” නාමය ඇති මේ දිව්‍ය තලය අප මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වය ලැබූ අවසන් භවයට පෙර භවයෙහි උපන් දිව්‍ය තලයයි. “සන්තුසිත” නම් දිව්‍ය රාජෝත්තමයාණන් අධිපති භාවය දරයි.
නිම්මාණරතිය
තමන් විසින් තමන් කැමති ආකාරයේ කාම වස්තුන් මවා ඒ කාම වස්තූන් මගින් කම් සුව ලද හැකි මහත් ආනුභාවයක් ඇති දෙවියන් පහල වන භූමියයි. බුදු සසුනෙහි අග්‍ර දායිකාවක වූ විශාකා මහෝපාසිකා තොමෝ මරණින් මතු උපත ලැබුවේ මෙම දෙව් තලයෙහිය.
පරිනිම්මිත වසවත්තිය
මහත් බල ඇති “මාර දිව්‍ය පුත්‍රයා” වාසය කරකරන මාර පිරිස වාසය කරන දෙව් තලයයි. කාම ලෝකයට අධිපති බව දරන්නේ මේ දෙවියන්ය. කාම ලෝකයට අයත් ඉහලම සහ ආයුෂයෙන්, සැපතින් බලවත්ම දිව්‍ය තලය මෙයයි. “අන්‍යයන්ගේ සම්පත්තිය තමන් විෂයෙහි පවත්වන” යන අරුතින් පරිනිම්මිත වසවත්ති යනුවෙන් කියනු ලැබේ.
මෙම දිව්‍ය තල සයෙහි විසිතුරු බවත්, සැපතත් විශ්මයාවහ වෙයි. දෙවියන් අතර උපදින නොවරදින මග භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සම්මා දිට්ඨිය මත පිහිටා ශීලය ආරක්ෂා කිරීම සුගති මාර්ගයෙහි අනිවාර්ය අංගයන් වෙයි. ධර්මයෙහි සඳහන් දෙවියන් ගැන කථා කියවීමේදී පෙනී යන්නේ ඉහල ගනයේ බොහෝ දෙවියන් නොවැරදී පංච ශීලයත්, පොහොය අෂ්ටාංගික උපොසථ ශීලයත් සමාදන්ව ආරක්ෂා කර ඇති බවයි. උත්තම ගනයේ දානමය පුණ්‍ය කර්මයන් ඒ ඒ දෙවියන්ගේ මහේශාක්‍ය බවට හේතු වී ඇත.
අප මුලින් කියන ලද පරිදි මෙම ලිපියෙන් අපි ශීලය සහ දානමය පුණ්‍ය ක්‍රියා සිදුකිරීම පිලිබඳ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබේ. දානය සහ ශීලය ගැන උනන්දුවක් ඇති කර ගැනීමට එහි අනුසස් දැන ගත යුතුය. දුශ්ශීල බවේ භයානක ආදීනව දැන ගත යුතුය. අනුසස් සහ ආදීනව පැහැදිලි කර ගැනීමට නම් කර්ම විපාක වශයෙන් අත්වන සැප සහ දුක විපාක දන ගත යුතුය. ඒ ඒ විපාක වල ස්වභාවය අවබෝධ කර ගැනීමට නම් ඒ ඒ පින් පව් වලට අනුව සකස් වන භවය සහ උත්පත්ති ස්ථාන දැන ගත යුතුය. ඒ ගැන අවබෝධයක් ලබීමටනම් ලෝකධාතුව පිළිබඳව ඒ ඒ සුගති දුගති ස්ථාන පිළිබඳව කරුණු වටහා ගත යුතුය. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේගේ “ලෝක විදු” ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව “ලෝක ධාතු” විස්තර, සුගතිය ගැන විස්තර, අපායෙහි දුක පිලිබඳ විස්තර ආදිය දැනගත යුතුය. මෙම ලිපියට හැකි පමණ එම කරුණු එකතු කරන ලද්දේත් සුදුසු පරිදි වගු සකස් කර ඉදිරිපත් කරන ලද්දේත් ඉදිරි ලිපි වලට සාකච්ඡා කිරීමේ පදනම සකස් කිරීම් අරමුණ ඇතිවය. ඒ කරුණු ඇසුරින් පින්වත් ඔබ තමන් විසින්මද දහම් කරුණු සොයා බලා ඉගෙනීමටත්, දන්නා කරුණු නිරවුල් කර ගැනීමටත් උත්සහ කර ගනිත්වා.
ධ්‍යාන සමාධි බලයෙන් කාම ලෝකය අභිභවා ඉහළින සිටින අතිශය බලවත් ආනුභාව ඇති බ්‍රහ්ම තලයන් පිලිබඳ විස්තර හඳුන්වාදෙන වගුවක් පහතින් දැක්වෙයි. ධ්‍යාන භාවනා සහ සමාධිය පිළිබඳවත්, බ්‍රහ්ම ලෝකය පිළිබඳවත් පසු ලිපියකින් සාකච්ඡා කරමු.
නිරය
සතර අපාය අතරින්, අතිශය ඝෝර දුක් ඇති, නිරන්තර රළු වේදනා ගෙනදෙන දුක් ඇති, මහත් දීර්ඝ කාලයක් දුකෙහිම ගැලී හඬමින්, විලාප දෙමින් සත්ත්වයන් කර්ම විපාක වශයෙන්ම සකස් වූ මහත් දුක්ඛිත තත්වයට උරුම කරවන දුගතිය “නිරය” නම් වෙයි. පිහිටීම සහ ආයුෂ ගැන විස්තර සඳහා පහත වගුව බලන්න. සැබවින්ම “අපාය” යයි යයි කියන්නේ මෙම නිරය ලෝකයන්ටය. “අය” නම් සැපයට නමකි. අය නම් සැප කිසිවක් නොවන බැවින් “අපාය” යයි කියනු ලැබේ. ඇසිපිය හෙලන මොහොතකට වත් කටුක දුකින් තොර වීමක් වෙන් වීමක් නැති බැවින්, ඇසිපිය හෙලන මොහොතක තරම් වත් සැපයක් නොමැති බැවින් “නිරය” යයි කියනු ලැබේ. අප ලෝක ධාතුවෙහි “ප්‍රධාන නිරය හෙවත් මහා නිරය අටකි.”
සංජීවය
සත්වඝාතන, කාම මිත්‍යාචාර, සොරකම් ආදිය කළවුන් උපදින නිරයකි. මහා නිරය වටා අනූ නිරයන් දහසයක් ඇත.
කාල සූත්‍රය
මව්පියන්, ගුරුවර වැඩිහිටියන්, උපාධ්‍යායයන් ආදීන් කෙරෙහි වරදවා පිළිපදින ලද්දවුන් වැඩි වශයෙන් උපදින භූමියකි.
සංඝාතය
ගවයන්, එළුවන්, කුකුලන් ආදී සතුන් ඝාතනය කරමින් ජීවිකාව පවත්වන ලද සත්ත්වයන් වැඩි වශයෙන් උපදින භූමියකි.
රෞරවය
සත්ත්වයන්ට හිංසා පීඩාකාර වූ ක්‍රියා කරන ලද, මහත් අකුසල් කරන ලද, ඉන්ද්‍රජාලිකයන්, මායා කරුවන් ආදීන් අනුන් රවටා ජීවත් වන නායකකාරකාදී සත්ත්වයන් උපදින භූමියකි.
මහා රෞරවය
තෙරුවන් සතු වස්තුව පහර ගත්තාවූද, ජනයාගේ යහපත පිණිස ඇති පොදු දේපල විනාශ කරන ලද්දාවූද සත්ත්වයන් උපදින භූමියකි.
තාපය
හොඳ නරක කර්මයෙහි විපාක නැත. සුගති දුගති නැත ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටි ගෙන සිටින නියත මිත්‍යා දෘෂ්ටිකයන් උපදින භූමියකි.
මහා තාපය (ප්රතාපය)
බුදුන් නැත, දහම් නැත, ආර්ය සංඝයා නැත ආදී වශයෙන් බලවත් දෘෂ්ටි ගන්නා ලද, බලවත් සේ ආර්යෝපවාද කරන ලද, සද්ධර්මයෙ පැවැත්ම විනාශ කිරීමට කටයුතු සංවිධානය කරන සත්ත්වයන් උපදින මහා නිරයකි.
අවීචිය
පන්චානන්තාර්ය පාප කර්ම කළා වූද, පන්සල්, බෝධිය, බෝමළු, බුදු පිළිම විනාශ කරන ලද්දාවූද, බුදු සසුනට වින කරන ලද්දවූද, තෙරුවන් විෂයෙහි බලවත් ද්වේශයෙන් කටයුතු කරන ලද්දාවූද, නියත වූද, බලවත් වූද මිතාදෘෂ්ටිය මත පදනම්ව දරුණු ක්‍රියා කරන ලද්දා වූද සත්ත්වයන් උපදින බලවත්ම දුක් සහිත මහා නිරයයි. දෙව්දත් ආදී ආනන්තර්ය කර්ම කල අවාසනාවන්ත සත්ත්වයන්ද බලවත් පාප ක්‍රම කරන ලද මව්පියන් ඝාතනය කරන ලද, රහතන් වහන්සේලා ඝාතනය කරන ලද, වෙහෙර විහාර විනාශ කරන ලද සත්ත්වයන්ට මෙහි ඉපිද අන්තඃ කල්පයක් තරම් ඇති දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදු වෙයි.
නිරය පිළිබඳව විස්තර කෙරෙන මූලික කරුණු ඇතුලත් වගුව ඉහතින් දක්වා තිබේ. (එම වගුව ඉහල සිට පහලට කියවන්න.)
මෙම සියලුම සත්ත්ව තලයන්, ඒවායේ දුක් සැප ගැන නිරවුල් විස්තර ඒවා ඇති බවට ශ්‍රද්ධාව පිහිටුවා ගන්නා ආකාරය, කල්ප විභංගය, කල්ප විනාශය ඇතුළු දහම් කරුණු සවිස්තරව ලියා තැබීම මාගේ අරමුණයි. නමුත් එය ලිපි ගණනාවකින් වත් පහසුවෙන් කල හැක්කක් නොවෙයි. එනිසා තම තමන්ද මේ කරුණුද උපකාර කරගෙන මේ ගැන ත්‍රිපිටක ධර්මය සහ අටුවා විග්‍රහය කියවා දරා ගැනීමට උත්සහ කරත්වා. කරුණු විස්තර වශයෙන් සඳහන් කිරීම ඉදිරි ලිපි වලින් ඉඩ ලැබෙන පරිදි සිදු කිරීමට උත්සහ ගනිමි. මසකට වරක් පලකෙරෙන නිසා ප්‍රමාදයෙන් වන යම් අඩුපාඩුවක් වෙතොත් අප කෙරෙහි කරුණාවෙන් කමා කරත්වා. දහම් පිපාසය ඇත්තෝ නිරවුල්ව ඉවසීමෙන් අප්‍රමාදීව ධර්මය උගනිමින් දහමට යොමු වේවා.!!
ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි!!!
- සසිත් රාජසූරිය.
මූලාශ්‍ර-
මජ්ඣිම නිකාය- ස.ජ.ත්‍රි.ග්‍ර.මා.
අංගුත්තර නිකාය(තික නිපාතය)- ස.ජ.ත්‍රි.ග්‍ර.මා.
අභිධර්මාර්ථ ප්‍රදීපිකාව (පංචම පරිච්චේදය)
ආතාපි වෙබ් අඩවියේ ධර්ම දේශනා (aathaapi.org)
IPV6 (INTERNET PROTOCOL)
IPv6
නම්
මෙමෙ
තාක්ෂණයට
මුල්තැන
දුන්
2011 ජුනි 08
වැනිදා,World IPv6 Day
ලෙස
නම්
තිබුණා.
අන්තර්ජාලය
ක්‍රියාත්මක
වෙන්නේ
ඉතා
ක්‍රමවත්ව
දත්ත
හුවමාරු
වීමේ
තාක්ෂණ
ගණනාවක
එකතුවකින්.
මේ
දත්ත
හුවමාරු
වෙන්නේ අන්තර්ජාලය
සම්බන්ද
නොයෙක්
උපාංග
අතරය.ඒවා
පරිගණක
යන්ත්‍ර
පමණක්
නොවේ.i phone,ipad,notebook,TV,
වැනි
ගෘහස්ථ
උපාංග
පවා
එයට
අයත්
වෙනවා.
මේ
උපාංග
අතර
නිශ්චිත
වශයෙන්
තොටතුරු
හුවමාරු
වෙන්නේ,
සැම
උපන්ගයකටම
එයට
පමණක්
අවේනික
විශේෂ
අංකයක්
තිබිණ
බැවිනි.
හරියට
නිවසක
ලිපිනයක්
වැනි
මේ
අංකය
හදුන්වන්නේ IP address
කියලයි.
අන්තර්ජාලයට
අලුතින්
උපාංගයක්
එක්
වෙන
හැම
මොහොතකදීම
අලුත් IP address
එකක්
වෙන
වෙයි.
එහි
තේරුම
උපාංග
වැඩිවෙන්නට-වැඩිවෙන්නට
දැනට
තියන IP address
අඩු
වෙනවා
යන්නයි.

අද
තිබෙන
තරමට
අන්තර්ජාලය
මහජනයා
අතර
ප්‍රචලිත
වේ
යැයි
එහි
නිර්මාතෘවරු
අසුව
දශකයේදී
නොසිතුහ.IP address
කෝටි 430ක්
ප්‍රමාණවත්
නොවන
දවසක්
පහසුවෙන්
ළගා
නොවෙතැයි
ඔව්නේ
එදා
සිතුවා.එහෙත්
අනුව
දශකය
වන
විට IP address
හිඟවන
දිනය
ළග-ළගම
එන
බව
පෙනුනි.එයට
විකල්ප
ක්‍රම
ගැන
සොයා
බැලුවේ
ඒ
අනුවය.
කව්රුත්
පිළිගත්
විකල්පය
වුයේ
අලුත් IP address
ක්‍රමයක්
ඉදිරිපත්
කිරීමයි.
එය IPv6ය.
1996 දී
එය
ඉදිරිපත්
කලේ IETF- The Internet Engineering Task Force
නම්
ආයතනය
විසිනි.එය
අන්තර්ජාලයේ IP address
පිලිබදව
කටයුතු
කරන,ඇමරිකාවේ
අයිකැන් (ICANN- Internet Corporation for Assigened Names and Numbers)
ආයතනයේ
අනුග්‍රහය
ලබන්නෙකි.
IPv6
ක්‍රමය
128bits ක්රමයකි.එනම්
එමගින් IP address 2*128බලයක
ප්‍රමාණයක්
ලබාදීමට
පුළුවන්.
එය
ගණනින්
ට්‍රිලියන-ට්‍රිලියන-ට්‍රිලියන
340කි.මෙය
දැවැන්ත
ඉඩකි.කෙතරම්
දවන්තද
කිව්වොත්
මේ
ක්‍රමයට
අනුව
අද
ලෝකව
සිටින
ඕනෙම
කෙනකුට IP address
කෝටි
ලක්ෂයක්
ලබාදීමට
පුළුවන්.
එනම්
අද
සිටින
සැම
මිනිසෙක්ම
නොයෙක්
උපාංග
කෝටි
ලක්ෂයක්
අන්තර්ජාලයට
සම්බන්ද
කලත්,ඒවා
හොදින්
ක්‍රියාත්මක
වෙනු
ඇති.සබැ
ලෝකයේ
වැඩ
ගැන
සිතු
විට
මෙය
සිදුවිය
නොහැක්කකි.එනිසා
තවත්
දශක
ගණනාවක්
මුළුල්ලේ
අන්තර්ජාලයට
එක්
වෙන
උපාංග
සදහා address
ලබාදෙන්නට
අලුත් IP address
ක්‍රමයට
පුළුවන්.
අලුත් IP address
ක්‍රමය
ලෝකයාට
ඉදිරිපත්
කාර
මේ
ගෙවීයන්නේ 15
වැනි
අවුරුද්දයි.
එනම්
තිබෙන IP address
අවසන්
වී,තවදුරටත්
අලුත්
උපාංග
අන්තර්ජාලයට
එක්කල
නොහැකි
දිනයක්
උදා
වෙනවය
කියා
අනතුරු
හගවා
අවුරුදු 15කි.එහෙත්
පිළියම්
දීම
දිගටම
පමවුණි
ඒ
සමාගම IPv4
මාදිලියේ address
ගන්නද
වේගයෙන්
අඩු
වී
ගියේය.
අන්තර්ජාලයට
එක්
කෙරෙන
පරිගණක
උපාංගවලට IP address
ලබාදීමේ
ප්‍රධාන
අධිකාරිය
තිබෙන්නේ
ඇමරිකාවේ ICANN
සමාගමට
වුවත්,ඒ
බලය
විමාද්‍යගත
කොට
තිබේ.
ඒ
ලොව
නොයෙක්
කලාප
වලට IP address
ලබාදීම ( Regional Internet Registers )
තුළිනි.අනෙක්
අතට
අයනා (IANA- Internet Assigned Numbers Authority )
නම්
ආයතනයට
මේ
බලය
පවරමනි.ඒ
අනුව
සාමාන්‍ය
ක්‍රමය
නම්
අයනා
ආයතනය
විසින්
ලොව
නොයෙක්
කලාප
වෙත IP address blocks
ලබාදීමයි.
පසුගිය
පෙබරවාරි 03
වැනිදා
අයනා
ආයතනය
විසින්
විශේෂ
උත්සවයකි. IPv4 address
ක්‍රමයට
අනුව,ඉතිරිව
තිබෙන
සියලුම IP address
කොටස්,
ප්‍රාදේශීය
ආයතන
වෙත
නිකුත්
කිරීම,
එම
උත්සවයේදී
කෙරිණි.
එහි
තේරුම
එදින
බෙදා
දුන්
එක්කෝටි
හැටලක්ෂයක්
පමණ
වෙන IP address
ගණන
අවසන්
වූ
විට
පැරණි
සංස්කරණයේ IP address
නැතය
යන්නයි.දැන්
අපේක්ෂා
කරන්නේ
එළබෙන
සැප්තැම්බර්
මාසය
වන
විට
මෙම IP address
සියල්ල
යෙදවි
අවසන්
වනු
ඇති
බවය.
අලුත් IPv6
ක්‍රමය
අවට
පසු
පැරණි IPv4
ක්‍රමය
නැතිව
යන්නේ
නැත.අලුත්
ක්‍රමයට
අනුව
ලබාදෙන
අංක 16කින්
යුත් IP address
ක්‍රමය
වෙනම
ජාලයක
සේ
ක්‍රියාත්මක
වේ.
පැරණි
ක්‍රමයට
ලබා
දෙන
අංක 12කින්
යුත් IP address
ක්‍රමය
වෙනමම
ක්‍රියාත්මක
වේ.මෙසේ
එකිනෙකට
සමාන්තරව
ක්රියත්මකවෙන
ජාල
දෙක
අතර
තොරතුරු
විශේෂ
ප්‍රවේශ
ක්‍රම
( special translator gateways ) වුවමන
කෙරේ.ඒ
අනුව
සැකසු
දෘඩාංග
සහ
මෘදුකාංග
සර්වර්ස්
පද්දති
වලට
යෙදවිය
යුතුයි.
අනෙක්
අතට
පරිගණක
මෙහෙයුම්
පද්දති,වෙබ්
බ්‍රව්සර්
සහ
සර්ච්
එන්ජින්ද
මෙමෙ
ඇඩ්රස්
ප්‍රොටෝකෝල
දෙකටම
ගැලපෙන
සේ
සැකසිය
යුතුයි.

පසුගිය 2011
ජුනි 08
වැනිදාකලේ
එයයි.
එදින
පුරාම Microsoft, Yahoo,Facebook,cisco
යනාදී
ප්‍රමුක
සමාගම්
ගණනාවක් IPv6 address
ක්‍රමය
ක්‍රියාත්මක
කාර
බැලුවේය.
කෙසේවෙතත් තමන්ගේ
පරිගණක
සහ
වෙනත්
උපාංග
අලුත් IP address
ක්‍රමය
පිළිගන්නට
සුදානම්
ඒවාද
කියා
සොයා
දාන
ගැනීමට
මහජයාට
පුළුවන්.
ඒ
සදහා www.test-ipv6.com ගිහින්
විමසා
දැනගන්නට
හැකියි
අන්තර්ජාලය ඇසුරෙනි ...
Subscribe to:
Posts (Atom)