අමරණීයත්වය | Immortality
මරණය පරදවා සදාකාලිකව ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ මිනිසුන් සියවස් ගණනාවක සිට පර්යේෂණ කරමින් සිටියි. මෙතෙක් කාලයක් ගොඩබිම සිදුකළ මේ පර්යේෂණ දැන් සාගරය දෙසට ද යොමුවී ඇත.
ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් සම්බන්ධයෙන් 1979 සිට අධ්‍යයනය කළේය.රතු පැහැති ජෙලි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අධ්‍යයන කටයුතු වැඩිපුර යොමුවී පැවතිණි.
ඔහු ඒ ගැන මෙසේ කියයි.
‘‘ එක් දිනක් මගේ ප්ලවාංග සහිත දැලේ රතු පැහැති කුඩා ජෙලි ෆිෂ් කෙනෙකු සිටියා. තියුණු කෝටු උගේ සිරුරේ ඇනී තිබුණා. ඒ ගැන දුක සිතී මා එම කෝටු ගලවා ඉවත් කළා. මගේ අපේක්ෂාව වුණේ මේ සතා නැවත යථා තත්ත්වයට පත්කර පිහිනා යාමට සැළැස්වීමයි. එසේ කිරීමට නොහැකිව ඌ හැකිළුණා. නමුත් ඌ ඉතා ඉක්මණින් තිරිහන් වුණා. මේ කුඩා මුහුදු සතා යොදා සදාතනික ජීවිතය පිළිබඳ යම් අදහසක් ගත හැකියැයි මට දැඩි විශ්වාසයක් ඇතිවුණා. “
රතු ජෙලිෆිෂ් සම්බන්ධයෙන් පර්යේෂණයේ නිරත වූ මහාචාර්ය කුබෝටා පවසන්නේ වැඩුණු ජෙලිෆිෂ් හෝ මෙඩුසාවෙක් (ජෙලිෆිෂ්ගේ කුඩා අවධිය හඳුන්වන්නේ මෙඩුසාවන් යනුවෙනි) තුවාලයක් සිදුවූ විට මුහුදු පත්ලට ගමන් කරන බවයි. එහිදී තම බිළිඳු අවධියට යලි රූපාන්තරයණය ආපස්සට ගෙන යන මේ අපූරු සත්ත්වයා මුලින්ම අලුත් බහුපාදිකයෙක් බවට පත්වෙයි. ඉන්පසු මේ සතා යළි නව ජෙලි ෆිෂ් කෙනකු බවට පත්වේ. වැඩුණු සතෙක් බිළිඳකු බවට රූපාන්තරණය වීමට මාස දෙකක පමණ කාලයක් ගතවන බව මහාචාර්යවරයා කියයි.
මහාචාර්ය කුබෝටා සිය පර්යේෂණාගාරයේ දී එක් ජෙලිෆිෂ් සතකු 12 වතාවක් සාර්ථක ව තිරිහන් කළේය.
‘‘ මේ සියල්ල සාර්ථක වුවත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. තිරිහන් වීම සම්බන්ධ යම් වැදගත් සාක්ෂියක් රතු ජෙලිෆිෂ් ගෙන් අපට ලබාගත හැකියි. එය මිනිසුන්ට ආදේශ කළ හැකි වුවහොත් මිනිසා අමරණීයත්වයට ගෙන යා හැකි වේවි. “
read more
~මෙම ලිපිය අන්තරජාලයෙන් උපුටාගන්නා ලද්දක් බව සලකන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ස්තුතියි ...